ඉඳහිටක දුර ඉඳන් හඬන හඬ
හීන් සරකින් සවන වැකෙනවා
ළඟ ඉඳන් සනහන්න නොහැකි දා
සිනහවක් වී කඳුළු පිසිනවා
මඟ දෙපස මා නිතර යනෙන අත
නුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවා
දෝතකට නෙලන්නට නොහැකි මුත්
දුර තියා නුඹේ සුවඳ දැනෙනවා
නිදි නොනිදි අතර මැද නතර වී
හීනයක කොණක නුඹ තැවෙනවා
දෑත දිගු නොකර හදවත වසා
කඳුළු නොගැනම සිනහ මවනවා
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
Monday, December 19, 2011
Friday, December 16, 2011
Sunday, December 11, 2011
Saturday, December 10, 2011
හඬන්නී
ගිනිගත්තු දහවලේ
වළා සළුවක එතී
සිනාසෙන මං සෙවූ
අහස ඇත අඳුරු වී
හවස් කල එළඹෙද්දී
තවත් ඉවසනු නොහී
අනෝරා වැසි එවා
මහා හඬින් හඬන්නී
වළා සළුවක එතී
සිනාසෙන මං සෙවූ
අහස ඇත අඳුරු වී
හවස් කල එළඹෙද්දී
තවත් ඉවසනු නොහී
අනෝරා වැසි එවා
මහා හඬින් හඬන්නී
Thursday, December 1, 2011
first day of summer
රාත්‍රිය නොඑළඹී
දිගම හැන්දෑවක්
ලා අඳුරේ මඟ හොයන
එක කදෝකිමියෙක්
මොහොතකට හිත පොඟා
යළි දුවන වැස්සක්
සුසුම් මෙන් බර නැතත්
පුංචි පවනැල්ලක්!
දිගම හැන්දෑවක්
ලා අඳුරේ මඟ හොයන
එක කදෝකිමියෙක්
මොහොතකට හිත පොඟා
යළි දුවන වැස්සක්
සුසුම් මෙන් බර නැතත්
පුංචි පවනැල්ලක්!
Wednesday, November 30, 2011
රටා නැති
කවුළුවේ හීතල
දැනෙන විට මා කොපුලට
මතක් වෙයි හෙමිහිට
වරුවක්ම මෙතැන උන් බව
හුස්මකින් මීදුම
බැඳුණු වීදුරු මතුපිට
ඇඟිලි තුඩගින් අඳිනෙමි
රටා නැති රටාවක් හැඩ
Monday, November 28, 2011
Thursday, November 24, 2011
දුර
කවුළුවෙන් පෙනෙන ඉම
විසල් තණබිමක් ඇත
සේලයක් සේ වැස්ස
ඇද වැටෙන දවස් ඇත
දුර ඈත නෙත රැඳෙන
ඉසිඹුවන් බොහෝ ඇත
වැහි නැතත් වැහි වැටෙන
දිලිසෙනා දෙනෙත් ඇත
විසල් තණබිමක් ඇත
සේලයක් සේ වැස්ස
ඇද වැටෙන දවස් ඇත
දුර ඈත නෙත රැඳෙන
ඉසිඹුවන් බොහෝ ඇත
වැහි නැතත් වැහි වැටෙන
දිලිසෙනා දෙනෙත් ඇත
Wednesday, November 23, 2011
Tuesday, November 22, 2011
busy
නෙතු රිදෙන මානයේ
මා නොදැක, නුඹ හිඳින
ඇඟිලි තුඩු අගින් හිස
යළි යළිත් අවුල්වන
ඇදුම්කන නෙතු සඟල
වසා මොහොතක් සිතන
සුසුම් නොහෙලා හැරෙමි
හෙටයි හිනැහෙන දවස
මා නොදැක, නුඹ හිඳින
ඇඟිලි තුඩු අගින් හිස
යළි යළිත් අවුල්වන
ඇදුම්කන නෙතු සඟල
වසා මොහොතක් සිතන
සුසුම් නොහෙලා හැරෙමි
හෙටයි හිනැහෙන දවස
Friday, November 18, 2011
time zones
මීදුමේ මඟ සොයා
දුර ඇදෙන හැමදාම
නුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවා
දහස් ගව් දුර ඇතත්
කෙහෙරැල්ල අවුල් කර
මොහොතකට නුඹේ හිස සිඹිනවා
ඉර බහින හවස් කල
උණුහුම්ම තේ සමඟ
නුඹේ සිනා මතකයක් එබෙනවා
නුඹ සිටින දහවලේ
එක පුංචි හුස්මකින්
නළලතේ ඩා බිඳිති මකනවා
රැයේ මැදියමට පෙර
නිදි නෙතට නුඹ පැමිණ
සිහින මැද වෙහෙසවී පෙනෙනවා
විඩාබර දෙනෙත වෙත
එළි බිඳක් ගෙන එන්න
සිනහවක් වී දෙතොල රැඳෙනවා
දුර ඇදෙන හැමදාම
නුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවා
දහස් ගව් දුර ඇතත්
කෙහෙරැල්ල අවුල් කර
මොහොතකට නුඹේ හිස සිඹිනවා
ඉර බහින හවස් කල
උණුහුම්ම තේ සමඟ
නුඹේ සිනා මතකයක් එබෙනවා
නුඹ සිටින දහවලේ
එක පුංචි හුස්මකින්
නළලතේ ඩා බිඳිති මකනවා
රැයේ මැදියමට පෙර
නිදි නෙතට නුඹ පැමිණ
සිහින මැද වෙහෙසවී පෙනෙනවා
විඩාබර දෙනෙත වෙත
එළි බිඳක් ගෙන එන්න
සිනහවක් වී දෙතොල රැඳෙනවා
Thursday, November 17, 2011
මිතුරු
පෙනෙන නොපෙනෙන දුරින්
හිතේ මුල්ලක නිදන
නුඹ නොආ හැමදිනම
ඇඟිලි තුඩගින් අනින
මතක අහුලා ගෙනත්
හිත මැදම ගොඩගසන
තනිකමත් සුමිතුරෙකි
මා දමා දුර නොයන
හිතේ මුල්ලක නිදන
නුඹ නොආ හැමදිනම
ඇඟිලි තුඩගින් අනින
මතක අහුලා ගෙනත්
හිත මැදම ගොඩගසන
තනිකමත් සුමිතුරෙකි
මා දමා දුර නොයන
Wednesday, November 16, 2011
අදිසි
හිරු කෙඳිති එකතු කර
අවුල් කෙහෙරැල් බඳිමි
දස අතම ඇවිද ගොස්
මල් කැකුළු කිති කවමි
තුරු මුදුන් හිනස්සා
වියලි පත් බිම හලමි
ආ මඟක් උන් තැනක්
ලකුණු හංගා මැකෙමි
අවුල් කෙහෙරැල් බඳිමි
දස අතම ඇවිද ගොස්
මල් කැකුළු කිති කවමි
තුරු මුදුන් හිනස්සා
වියලි පත් බිම හලමි
ආ මඟක් උන් තැනක්
ලකුණු හංගා මැකෙමි
Monday, November 14, 2011
wish upon a star
ගලපන්නටත් පෙර පැතුමක්
ගිලිහුණා ආකහෙන් තරුවක්
ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
නාස් කොණ තබද්දී හාදුවක්..
දිලිසුණා දඟ දෑස පතුලතේ
තරුවත්.. නොපැතූම පැතුමත්!
ගිලිහුණා ආකහෙන් තරුවක්
ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
නාස් කොණ තබද්දී හාදුවක්..
දිලිසුණා දඟ දෑස පතුලතේ
තරුවත්.. නොපැතූම පැතුමත්!
Thursday, November 10, 2011
යළිත්
බිඳී ගිය රළ නැතත්
තව රළක් සෙමෙන් විත්
මුතු කැටක් තබනු ඇත දෙපා මුල..
දෑස ළඟ නොපිපුණත්
පිපෙනු ඇත තව මලක්
දුරක තුරු හිසක, කොඳුරමින් නම..
කල්පයක් ගත වුවත්
නව සිහින යළි මැවෙත්
දැවී හළු වූ පැරණි පැතුම් මැද..
සුන්දරයි හෙට දිනත්
සිනහ ගෙන එන යළිත්
අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග..
තව රළක් සෙමෙන් විත්
මුතු කැටක් තබනු ඇත දෙපා මුල..
දෑස ළඟ නොපිපුණත්
පිපෙනු ඇත තව මලක්
දුරක තුරු හිසක, කොඳුරමින් නම..
කල්පයක් ගත වුවත්
නව සිහින යළි මැවෙත්
දැවී හළු වූ පැරණි පැතුම් මැද..
සුන්දරයි හෙට දිනත්
සිනහ ගෙන එන යළිත්
අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග..
Sunday, November 6, 2011
වැහි
තනි නිල් විසල් ගගනත
කළඹා ඇඟිලි තුඩ'ගින
කවි අකුරු සඟවා යමි
වළා යැයි නුඹ රැවටෙන
වසන්තයේ කෙළවර
වළාකුළු අකුලන විට
නුඹේ පාමුළ ගිලිහෙයි
වැහි බිඳිති වී කවිකම
කළඹා ඇඟිලි තුඩ'ගින
කවි අකුරු සඟවා යමි
වළා යැයි නුඹ රැවටෙන
වසන්තයේ කෙළවර
වළාකුළු අකුලන විට
නුඹේ පාමුළ ගිලිහෙයි
වැහි බිඳිති වී කවිකම
Friday, November 4, 2011
තටු
සොයා හදවත හරි මැද
වපුල නෑඹුල් බිජුවට
නඟා අංකුර හෙමිහිට
තටු මැවිණි උර තල මත
බියෙන් වක් වූ පියපත
සෙමෙන් සෙනෙහෙන් පිරිමැද
දුර අහස වුව ළඟ බව
රහස් තැබුවා සවනත
ගිලෙන විට කඳුලැලි ගඟ
සෙමෙන් තුරුලට අරගෙන
පියාඹන හැටි මුලසිට
කියාදුන්නා මතකද?
පියාපත් සවි වී අද
සරන සඳ මා පැතූ නුබ
නුඹේ සිනා මිස දුර සිට
තවත් දිනුමක් නැහැ මට
වපුල නෑඹුල් බිජුවට
නඟා අංකුර හෙමිහිට
තටු මැවිණි උර තල මත
බියෙන් වක් වූ පියපත
සෙමෙන් සෙනෙහෙන් පිරිමැද
දුර අහස වුව ළඟ බව
රහස් තැබුවා සවනත
ගිලෙන විට කඳුලැලි ගඟ
සෙමෙන් තුරුලට අරගෙන
පියාඹන හැටි මුලසිට
කියාදුන්නා මතකද?
පියාපත් සවි වී අද
සරන සඳ මා පැතූ නුබ
නුඹේ සිනා මිස දුර සිට
තවත් දිනුමක් නැහැ මට
Subscribe to:
Comments (Atom)



