Wednesday, July 14, 2010

සඳ එළිය නුඹ


රැයේ තුන්යම පුරා
නිදි නොමැති නෙතු අරා
සඳ කිනිති සල සලා
සඳ එළිය නුඹ වෙලා ...

ඉතින් මට නිදියන්න
සඳ පහන හකුලන්න
නුඹේ වුවන දැකගන්න
හීනයක් වී එන්න...

Monday, July 12, 2010

unseen love

නිසල තුරු පෙළ සැලූ පවනකි
දිවා අහසක මැවුණු තරුවකි
දහස් හඬ මැද ඇසුණු සුසුමකි
හදේ බිතු මත ඇඳුණු පැතුමකි

විලක ගැඹරක සැඟවී නෙළුමකි
අහස් තල මත තැවරී පැහැයකි
සියොත් රාවෙක සියුම් තනුවකි
අතීතෙන් එන මතක සුවඳකි

Thursday, July 8, 2010

casablanca

කියනු මැන මට
ලොවම පීරා
කිමද මා ළඟ
නතර වූයේ..
සිනහ සඳ කැන්
දෝතටම ගෙන
මසිත් කොඳ පෙළ
පිබිදවූයේ..
හදේ ඇවිලෙන
තැවුල් සිඹ සිඹ
ඔසුම තවරා
සිසිලලූවේ ...
ජීවිතේ තව
එක් වතාවක්
සිනහ ගෙනෙනා
වරම වූයේ..

Tuesday, July 6, 2010

දුටුවෙමි

මසිත් පතුළත අතගා
නුඹ සොයා ගත් මුතු කැට
නුඹ දෑස ගැඹරේම
දිදුලනා හැටි දුටුවෙමි...
මගේ සුසුමක දවටා
නුඹට දුන් පළමු හාදුව
නුඹේ සිත අද්දර
සසැලෙනා හැටි දුටුවෙමි...
සසර මංපෙත අවුරා
ඇඳෙන වියැකෙන රූ මෙන්
දෑඟිලි බැඳුණු සලකුණු
කඳුළු අතරින් දුටුවෙමි...

....

සසල හැම ඇසිපියක් ගානේ
බිඳෙන හැම සුසුම් රැළි ගානේ
ඔබ දැවටී මගේ සිතුම් මානේ
සිනා ඇතිරුවා මිරිඟු හීනේ

Sunday, July 4, 2010

වැහි
















බොඳ කරන් මඩ කඩිති
යළි යළිත් වහින වැහි..
මල් කැකුළු අතු අගින්
බිමට ඇද දමන වැහි..
කළු වළා පොඟවමින්
අසනි දී හඬන වැහි ..
කඳු වළල්ලෙන් එපිට
පාවෙලා යන්න වැහි..!!

Friday, July 2, 2010

නුඹයි!

නොගැයූ හැම ගීයකම සිහින් තනු රැස නුඹයි
නොපිපි හැම කඩුපුලක මතක සුසුවඳ නුඹයි
නොසිඳි හැම උල්පතක සසල දිය රැළි නුඹයි
නොවිඳි හැම හීනයක සොඳුරු ඇරඹුම නුඹයි

සුපැතුම














නුඹ නළල සිඹ
පතන්නෙමි මම
සුභම දවසක
සුභම පැතුමක්...
දුරක සිටියත්
සිත ළඟයි මා
රැගෙන නුඹහට
හාදු අහුරක්...
අදත් හෙට හා
එළැඹි හැම දින
රැඳේවා සිත
නොනිම් සතුටක්...
සිහින සිතුවම්
දෑස අද්දර
මැවී ඉටුවන
සොඳුරු යුගයක්...
ඉතින් සුපතමි
සුභම දවසක්..!
සිතුම් ඉටුවන
සුභම වසරක්..! :*