අඳුරු රුදු වැහි වැටෙන
බොල් හීන ඉකිබිඳින
තවත් දවසක් ඇවිත්
මගේ ලොවට හිරු නොඑන
මුදු කසුන් රිවි කිරණ
ළඟට වී සිත සිඹින
සිහිනයක දිනක් වෙයි
කඳුළු දිය නෙත සිඳෙන
Friday, October 15, 2010
Thursday, October 14, 2010
වැලි මාළිගා
බිඳෙන් බිඳ නුඹ ගෙනත්
මගේ හිතට ගොඩගහන
මේ සිනා ළවැලි ගෙන
මාළිගා තනමි මම
සයුරු තෙර කළඹමින්
රුදුරු රළ නැඟෙන ඉම
නොතනන්න මාළිගා
උගෙනගමි ඉතින් මම
මගේ හිතට ගොඩගහන
මේ සිනා ළවැලි ගෙන
මාළිගා තනමි මම
සයුරු තෙර කළඹමින්
රුදුරු රළ නැඟෙන ඉම
නොතනන්න මාළිගා
උගෙනගමි ඉතින් මම
Tuesday, October 12, 2010
නුඹ දුර නැත
දුර අහසක දුල සඳවත
සිප ගනු කිසි දින හිමි නැත
දැන දැන සඳ රැස් සයුරත
කිමිදී හද මල විකසිත
සඳ රුව දැක විල් තල මත
නුඹ දුර නැත, පවසයි සිත
විල් දිය රැළි නිති සසලිත
නෙත ඉනු කඳුළැලි සඟවත
Sunday, October 10, 2010
as if you were nearby
to lurk in my memories
to hide in my sighs
you are just as so stubborn
as if you were nearby...
to touch my dreams with wonder
to fill my world with smiles
you are just as so lovely
as if you were nearby...
to brush away the hurt
and to make life seem worthwhile
you are just as so special
as if you were nearby...
to hide in my sighs
you are just as so stubborn
as if you were nearby...
to touch my dreams with wonder
to fill my world with smiles
you are just as so lovely
as if you were nearby...
to brush away the hurt
and to make life seem worthwhile
you are just as so special
as if you were nearby...
Saturday, October 9, 2010
කැලෑ මල්
දස අතම පැහැය කර
ළපටි තණපත් අතර
කැලෑ මල් දිදුල දෙන
වසන්තය ඇවිත් ඇත
අරුණ සමඟින් පිපෙන
අඳුර හා සැඟව යන
ඒ සොඳුරු හැම මලක
සිහිනයක් සැඟව ඇත
ළපටි තණපත් අතර
කැලෑ මල් දිදුල දෙන
වසන්තය ඇවිත් ඇත
අරුණ සමඟින් පිපෙන
අඳුර හා සැඟව යන
ඒ සොඳුරු හැම මලක
සිහිනයක් සැඟව ඇත
Thursday, October 7, 2010
මේ කවි
කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන
සෙනෙහස උතුරා
සිත ළඟ දැවටෙන..
නුඹේ නමින් නිති
හද තුල උපදින..
කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන
දෙනෙතින් නොවැටෙන
සෙනෙහස උතුරා
සිත ළඟ දැවටෙන..
නුඹේ නමින් නිති
හද තුල උපදින..
කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන
Tuesday, October 5, 2010
මේඝ දූත
සීතල වැහි බිඳු
උණුසුම් කරනට
ඇසුරු සැණෙක
නුඹ ළඟට වෙලා..
මේකුළු අතරේ
දවටමි පැතුමක්
පා කර එවනට
නුඹව සොයා..
උණුසුම් කරනට
ඇසුරු සැණෙක
නුඹ ළඟට වෙලා..
මේකුළු අතරේ
දවටමි පැතුමක්
පා කර එවනට
නුඹව සොයා..
Monday, October 4, 2010
සිහිනෙක සුවඳක්
තරුවක් ගිලිහුණ
තැනකින් අහසේ
තරුවක හැඩයක් ඉතිරිවෙලා
කඳුළක් බොඳ වුණ
දවසක මනෙතේ
කඳුළක ලකුණක් ඉතිරිවෙලා
යුගයෙන් යුගයට
සුසුමින් සුසුමට
නුඹ මගේ හදවත ළඟට වෙලා
කඳුලැලි පිසිමින්
හසරැල් ගෙනෙමින්
සිහිනෙක සුවඳක් තිළිණ කළා
තැනකින් අහසේ
තරුවක හැඩයක් ඉතිරිවෙලා
කඳුළක් බොඳ වුණ
දවසක මනෙතේ
කඳුළක ලකුණක් ඉතිරිවෙලා
යුගයෙන් යුගයට
සුසුමින් සුසුමට
නුඹ මගේ හදවත ළඟට වෙලා
කඳුලැලි පිසිමින්
හසරැල් ගෙනෙමින්
සිහිනෙක සුවඳක් තිළිණ කළා
Subscribe to:
Posts (Atom)

