Thursday, November 11, 2010

දවසින් දවසට

හිරු පිපි අහසක
පැහැබර දවසක
කවියක් වී හිත ළඟට වෙලා
මොහොතක් හිනැහී
සිත යට කිමිදී
පාවී යනු මැන විලස වළා
ගනඳුරු අහසක
වැහිබර දවසක
සුසුමක් වී හදවතම වෙලා
මොහොතක් ලතැවි
සිහිනෙක දැවටී
ගිලිහි යනු මැන කඳුළු වෙලා

Tuesday, November 9, 2010

සදා ඉන්නම්















රළු පරළු ගල් අතර
කඩා වැටි තරුවක්ව
දූලි වැකි මංපෙතක
වැටුණු හිම කඳුලක්ව
රටා පිරි දිවිමඟේ
නොගැලපෙන ලකුණක්ව
සදා ඉන්නම් සිතේ
හෙලනු බැරි සුසුමක්ව

Monday, November 8, 2010

enough

words..
are all I have
and
words
will never be enough

Sunday, November 7, 2010

rain and shine

හිරුරැස්ම එවන්නට
පිළින දුන් වසත් කල
තරහා වී විටින් විට
වැහි බිඳුම එවන හැඩ
නිරතුරුව සිනාසෙන
සොඳුරුතම නුවන් යුග
ඉඳහිටක නපුරු වී
විදිලියක් ඇඳෙන ලෙස

Saturday, November 6, 2010

november

අඳුරු වැහිබර
නොවැම්බරයක
කඳුළු උතුරන
පාලු හවසක
පෙරදිනක මා
සතුට වැලලූ
මෙබිම කැණ යළි
සිනහ සොයනෙමි

Thursday, November 4, 2010

සුළඟ අත එවමි


















මඟ දෙපස පිපෙන මේ
කැලෑ මල් පොකුරකින්
සුළඟ අත නුඹ වෙතට
එක මලක් එවන්නම්...
අහම්බෙන් ඇසිල්ලක
නුඹේ කොපුලේ දැවටෙන්න
සිනහවක් ගෙන එන්න
ඒ මලට කියන්නම් ...

Tuesday, November 2, 2010

ලතැවිල්ල

නෙළුම් පතක් මත
දඟ පෑ පිණි බිඳ
මොහොතින් දියමත
වැතිරී සැඟවිණි...
නෙළුම් පතේ
සලකුණු කිසි නැතිවද
නැතිවූ දියබිඳ
ගැන සිත ළතැවිනි...

Monday, November 1, 2010

100 words for you, of you

to savour, to treasure,
but to never experience
to rely, to confide
but to never talk
to long for, to desire
but to never touch
to amuse, to laugh with
but to never bore
to strain, to wait for
but to never reach
to overwhelm, to annoy
but to never clash
to dream of, to imagine
but to never see
to puzzle, to tease
but to never taunt
to wonder, to muse
but to never know
to applaud, to support
but to never witness
to feel, to understand
but to never find
to adore, to love
but to never have

written for
http://onezerozerowords.blogspot.com/2010/11/100-words-for-you-of-you.html