හිමිකමක් නැති සඳ
ළඟින් ඉන්නට ඉඩ නැත
තැවුල් කියනට නොතැවෙත
නේන බව වත් නොකියත!
http://minikavi.blogspot.com/2010/12/blog-post_8714.html
Sunday, December 12, 2010
Saturday, December 11, 2010
සෙවනැලි
ඇඟිලි තුඩු වල හැපී
අහිමි වන හැමදේම
දෑත පා රැකගන්න
නොහැකි වන හැමදේම
සෙවනැලිම නිති හෙලයි
දිවි මඟේ හැමදාම
අහිමි වන හැමදේම
දෑත පා රැකගන්න
නොහැකි වන හැමදේම
සෙවනැලිම නිති හෙලයි
දිවි මඟේ හැමදාම
Thursday, December 9, 2010
සුභ අසුභ
දෑස තරයේ පියා
නුඹ ළයේ හිස හොවමි
මේ කඳුළු බර අඩුයි
නුඹ ළඟින් හිඳින තුරු
සුභ දසුන් දුක් වදන්
සමෝසම විඳ ගනිමි
මේ ලොවේ විස නැසෙයි
නුඹෙන් ඔසු ලැබෙන තුරු
නුඹ ළයේ හිස හොවමි
මේ කඳුළු බර අඩුයි
නුඹ ළඟින් හිඳින තුරු
සුභ දසුන් දුක් වදන්
සමෝසම විඳ ගනිමි
මේ ලොවේ විස නැසෙයි
නුඹෙන් ඔසු ලැබෙන තුරු
Tuesday, December 7, 2010
jacaranda shade
මීදුමෙන් වැසුණු ලෙස
දම් පැහැති මල් පිපුණු
තුරු වදුල පෙනෙයි මට
නිදිබරවූ හවස් කල
අකුරු මැද රැඳුණු සිත
කවුළුවෙන් එපිට දුර
දම් පැහැති මල් අතර
පාව යයි විටින් විට
අකීකරු ගමන් යන
තවත් මේ වැනිම සිත්
එ’මල් ගොමු අතර මැද
මුමුණාවී රහස් රැස
Monday, December 6, 2010
මුතු කඳුළු
නින්දකින් අවදිවී
වලා පට මෑත් කර
සඳ එබුනි ලොව වෙතට
සිහින විසිරුවා දසත
ලෝකයෙන් වහන් වූ
අඳුරුතම එක් කොණක
මුතු බිඳක් ඇස ගැටුණි
විනිවිදින සඳ නෙතට
විහිදුවා මුදු කිරණ
දෑත පා සිඹ සැනෙක
සඳ වතට ලං කරන්
කඳුළු පිසලිය හනික
දුර සඳට ලොබ බැඳන්
මලක් පෙර එක දිනක
හෙලූ කඳුලැලි ගඟක්
මුතු වෙලා මේ ලෙසට
දෙකඩ වූ මුත් සිතම
මුතු බිඳත් හද සඟව
සඳ ලොවට එළිය දෙයි
කිසිත් නොවූ විරූ විලස
වලා පට මෑත් කර
සඳ එබුනි ලොව වෙතට
සිහින විසිරුවා දසත
ලෝකයෙන් වහන් වූ
අඳුරුතම එක් කොණක
මුතු බිඳක් ඇස ගැටුණි
විනිවිදින සඳ නෙතට
විහිදුවා මුදු කිරණ
දෑත පා සිඹ සැනෙක
සඳ වතට ලං කරන්
කඳුළු පිසලිය හනික
දුර සඳට ලොබ බැඳන්
මලක් පෙර එක දිනක
හෙලූ කඳුලැලි ගඟක්
මුතු වෙලා මේ ලෙසට
දෙකඩ වූ මුත් සිතම
මුතු බිඳත් හද සඟව
සඳ ලොවට එළිය දෙයි
කිසිත් නොවූ විරූ විලස
Sunday, December 5, 2010
destiny?
දරා ගත නොහී මට
ඔය සෙනෙහෙ සුවඳ පොද
නොසිතු මොහොතක පවා
උතුරාවී කඳුළු නෙත
සංසාර පුරුදු ලෙස
නොවී නම් බැඳුනු සිත
හද ගැහෙන හඬ පවා
සිතට ළඟ කෙලෙස මට?
ඔය සෙනෙහෙ සුවඳ පොද
නොසිතු මොහොතක පවා
උතුරාවී කඳුළු නෙත
සංසාර පුරුදු ලෙස
නොවී නම් බැඳුනු සිත
හද ගැහෙන හඬ පවා
සිතට ළඟ කෙලෙස මට?
Thursday, December 2, 2010
Wednesday, December 1, 2010
"පැතුම් නොපතමි"
සැඩ කිරණ වැදි
පෙතිත් මැලවුණි
හිතත් රිදි රිදි
සුසුම් ලං වුනි
හවස වට වැසි
රැසට තෙමි තෙමි
එමල හිනැහුණි
දුක නොදත් මෙනි
“පැතුම් නොපතමි
සිහින නොදකිමි”
සිහින් මිමිණිලි
මලෙන් මතුවිණි
Subscribe to:
Posts (Atom)

