සත් සයුරු පසු කර
තටු ගසා දුර ඉගිලෙමි
හදට හුරු කෙම්බිම
අසල මොහොතක් නවතිමි
පවුරු දහසක් බැන්දද
ඉතින් කිසි දින නොතැවෙමි
උපන් බිම සොඳුරුයි
හදවතින් එහි යමි එමි
Tuesday, January 18, 2011
Monday, January 17, 2011
nom de plume
නුබ පුරා මේ විසිරී
මගේ අතින් ලියූ කවි ඇත
කඳුළු පොඟවා ලියුවද
මගේ නමෙහි උරුමය නැත
සිතුවිලි වුවද වද දී
හඬන දින නම් බෝ ඇත
කවි රැසත් මට නුඹ වැනි
හිමි වුවත් මට හිමි නැත
මගේ අතින් ලියූ කවි ඇත
කඳුළු පොඟවා ලියුවද
මගේ නමෙහි උරුමය නැත
සිතුවිලි වුවද වද දී
හඬන දින නම් බෝ ඇත
කවි රැසත් මට නුඹ වැනි
හිමි වුවත් මට හිමි නැත
Saturday, January 15, 2011
කවිය හද නොලියන
ගිනිගහන අව්වක
බරැති මිහිදුම් සලුවක
නෙතු පියන තරුවක
සැනසුම කොහිද,කොතැනක ?
වැහි දියක පැටලී
දළු ලූ තුරක දැවටී
ගඟක පතුලක නැවතී
සොයමි යළි යළි ලතවී
කඳුළු කැට වී ගිලිහෙන
කවිති පිපුණත් එසැණින
කවිය හද නොලියන
හද පතුලේ, ලේ ගලමින
ගිලන් වූ මේ හදවත
තුරුළු කර යමි දසඅත
ඔසු දකිමි දුර හිමවත
සිහිනයෙන් මිස හිමි නැත
බරැති මිහිදුම් සලුවක
නෙතු පියන තරුවක
සැනසුම කොහිද,කොතැනක ?
වැහි දියක පැටලී
දළු ලූ තුරක දැවටී
ගඟක පතුලක නැවතී
සොයමි යළි යළි ලතවී
කඳුළු කැට වී ගිලිහෙන
කවිති පිපුණත් එසැණින
කවිය හද නොලියන
හද පතුලේ, ලේ ගලමින
ගිලන් වූ මේ හදවත
තුරුළු කර යමි දසඅත
ඔසු දකිමි දුර හිමවත
සිහිනයෙන් මිස හිමි නැත
Friday, January 14, 2011
Thursday, January 13, 2011
නුඹ...හැම අත!
මා යනෙන හැම අත
නිරතුරුව නුඹේ රුව ඇත
පසුකරන මුත් නෙත
තව දුරක නුඹ සැඟවෙත
වළා මැද ගගනත
සෙමෙන් හරිමින් තරු නෙත
සිනාසෙන නුඹේ වත
දැක ඉතින් නොසැලෙද සිත
විඩාපත් විට සිත
නුඹේ හඬ වෙයි සවනත
ලොවක් තුළ සසලිත
නොහඬාවි මගේ හදවත
නිරතුරුව නුඹේ රුව ඇත
පසුකරන මුත් නෙත
තව දුරක නුඹ සැඟවෙත
වළා මැද ගගනත
සෙමෙන් හරිමින් තරු නෙත
සිනාසෙන නුඹේ වත
දැක ඉතින් නොසැලෙද සිත
විඩාපත් විට සිත
නුඹේ හඬ වෙයි සවනත
ලොවක් තුළ සසලිත
නොහඬාවි මගේ හදවත
Wednesday, January 12, 2011
Tuesday, January 11, 2011
නුඹමය
දහස් කලබල මැද
සොරාගත් එක මොහොතක
මගේ සිත ළඟ දැවටෙන
සිතැඟි අහුරත් නුඹමය
හද රිදෙන පිළිවෙත
උගෙන හිනැහී රිදවන
සැනෙන් යළි සිප සනසන
සොඳුරු රිදවුම නුඹමය
අද ලැබෙන හස බිඳකට
පෙම් බඳින්නට හුරු කළ
හෙටක වග සිත දුරු කළ
හඬන හසරැළි නුඹමය
සොරාගත් එක මොහොතක
මගේ සිත ළඟ දැවටෙන
සිතැඟි අහුරත් නුඹමය
හද රිදෙන පිළිවෙත
උගෙන හිනැහී රිදවන
සැනෙන් යළි සිප සනසන
සොඳුරු රිදවුම නුඹමය
අද ලැබෙන හස බිඳකට
පෙම් බඳින්නට හුරු කළ
හෙටක වග සිත දුරු කළ
හඬන හසරැළි නුඹමය
Monday, January 10, 2011
නම් නැති මල්
දෑස දිවෙනා දුරක් හැඩකර
නම් නොමැති මේ මල් පිපේ
සුළඟ හා උන් රඟන අරුමය
නිරතුරුව මා නෙත ගැටේ...
ඉතින් නුඹලා පිපුණි නම් සොඳ
උයන් මැද තුඟු මල් කුලේ
දහක් දන නිති පසසනුම ඇති
සොඳුරු නම් පටබැඳ අගේ...
Subscribe to:
Posts (Atom)
