දුර ඉඳන් එන
පුරුදු සුවඳට
වසඟ වී සිත
දෙපා නැවතිණි
සුවඳ පමණයි
පවුරු අපමණ
සිහිව මොහොතක්
හදම නැවතිණි
Friday, January 28, 2011
Wednesday, January 26, 2011
කඳුළු ගෙත්තම
සිනහවේ පෑ
දෙතොල'තර ගෑ
නුඹයි අදිසිව ඇඳෙන සිත්තම
ගණ අඳුරු රෑ
නුඹ ළඟක නෑ
මතක අහුරක් තැවෙයි සිත් ඉම
නොකි දහක් දෑ
කියනු ඉඩ නෑ
සත් සයුරු සේ දුරයි නුඹ මම
සිත අඳුන් ගෑ
සුසුම් දුර ලෑ
නුඹයි මාගේ කඳුළු ගෙත්තම
දෙතොල'තර ගෑ
නුඹයි අදිසිව ඇඳෙන සිත්තම
ගණ අඳුරු රෑ
නුඹ ළඟක නෑ
මතක අහුරක් තැවෙයි සිත් ඉම
නොකි දහක් දෑ
කියනු ඉඩ නෑ
සත් සයුරු සේ දුරයි නුඹ මම
සිත අඳුන් ගෑ
සුසුම් දුර ලෑ
නුඹයි මාගේ කඳුළු ගෙත්තම
Tuesday, January 25, 2011
නොපායන සඳ
නොපායන සඳ
කිමද මේ ලෙස
මගේ සුසුම් ළඟ
ඉසිඹුලන්නේ
අහසේ නුඹ නැත
ඇහි පියන් යට
කඳුළු බිඳුවක
සිනාසෙන්නේ
මටම විතරක්
එළිය දෙන නුඹ
මටම විතරද
කඳුළු දෙන්නේ
හෙටත් අහසට
නාවොතින් නුඹ
කඳුළු දෙන්නම්
සැඟවී ඉන්නේ
කිමද මේ ලෙස
මගේ සුසුම් ළඟ
ඉසිඹුලන්නේ
අහසේ නුඹ නැත
ඇහි පියන් යට
කඳුළු බිඳුවක
සිනාසෙන්නේ
මටම විතරක්
එළිය දෙන නුඹ
මටම විතරද
කඳුළු දෙන්නේ
හෙටත් අහසට
නාවොතින් නුඹ
කඳුළු දෙන්නම්
සැඟවී ඉන්නේ
Monday, January 24, 2011
පුතු
සල දෑස් පියන් යට
මුදු හීන දකින පුත
මැද සුව නින්දක ගැඹුරු
නුඹේ සොඳුරු ලොවක රුව
මට දුකම ගෙනෙන බව
නොකියා සඟවමි කඳුළු
හෙට දින දිවි මංපෙත
නුඹ නොබියව යන සඳ
නුඹේ මුහුණ බලමි මහරු
තව දිනනු දෙයක් නැත
මගේ මෙහෙය නිමයි පුත
සිත නිවෙන තැනත් නුදුරු
Sunday, January 23, 2011
ගඟක්!
එකින් එක එක පෙළට
තැබූ විට කඳුළු බිඳු
මහා ගඟක් සේ පෙනෙයි
විහිදෙනා ඈතකට
ඉතින් මේ කඳුළු ගඟ
සයුර හමුවන දිනට
කඳුළු පිස සිනාසෙමි
තව කඳුළු නැති කමට
තැබූ විට කඳුළු බිඳු
මහා ගඟක් සේ පෙනෙයි
විහිදෙනා ඈතකට
ඉතින් මේ කඳුළු ගඟ
සයුර හමුවන දිනට
කඳුළු පිස සිනාසෙමි
තව කඳුළු නැති කමට
Friday, January 21, 2011
Thursday, January 20, 2011
නුඹ ලූ
තරු දෙනෙත් ඇරන්
නුඹ රහස් කියන්
මගේ දැහැන් සෙමෙන් බිඳ ලූ
සිත වෙලූ රැහැන්
හරි බරයි ඉතින්
මඟ නොමඟ නිතර පැටලූ
සිත කවිත් කියන්
නෙතු මඟත් බලන්
දස අතම සෙව්වේ නුඹ ලූ
මගේ සිනාත් අරන්
නුඹ සිනා වෙයන්
මේ මඟෙහි ගමන රුදු ලූ
නුඹ රහස් කියන්
මගේ දැහැන් සෙමෙන් බිඳ ලූ
සිත වෙලූ රැහැන්
හරි බරයි ඉතින්
මඟ නොමඟ නිතර පැටලූ
සිත කවිත් කියන්
නෙතු මඟත් බලන්
දස අතම සෙව්වේ නුඹ ලූ
මගේ සිනාත් අරන්
නුඹ සිනා වෙයන්
මේ මඟෙහි ගමන රුදු ලූ
Wednesday, January 19, 2011
A Sunset for Two

can I please order
a sunset for two?
with a sliver of crescent moon
and a sprinkling of stars- thank you,
some pickled orange clouds?
and a platter of white mist?
oh, also a lonesome beach,
the sandy- pebbly kind…
just as to make sure
that the sunset’ll be worthwhile
and a special shooting star
by the end of the meal?
just to make a wish
to sign off the deal?
but please hold the sadness
none of the tears too
for this’ll be a party
from where all dreams come true
a very special sunset
a sunset for two....
Subscribe to:
Posts (Atom)