Monday, April 4, 2011
හේමන්තයේ ලියූ කවි
නොහිතුව විටදී වැහි එන
හේමන්තයේ අඳුරු දවසක
උණුහුම් අවන්හල කොණ
කෝපි බොන්නට එනවාද?
අපේ තෙත සුසුමින්
හුමාලය බැඳුනු කවුළුවේ
ඇඟිලි තුඩගින් රූ
ඇඳ හිනැහෙන්න එනවද?
කහ ගැහුණු පත් සිඹ සිඹ
මේ හමන සීත සුළඟට
නොදී දිනුමක්, මා ළඟ
උණුහුම් වෙන්න එනවාද?
Sunday, April 3, 2011
sense it?
නුඹේ රළු කොපුලත
තවරන මගේ සුසුමක
දැනේවිද මන්දා...
පැතුම් සහසක කැබලිති
දඩබ්බර දෙනෙතෙහි
අතරමං වුණු මොහොතක
පෙනේවිද මන්දා...
හීන දහසක අරුණැලි
තවරන මගේ සුසුමක
දැනේවිද මන්දා...
පැතුම් සහසක කැබලිති
දඩබ්බර දෙනෙතෙහි
අතරමං වුණු මොහොතක
පෙනේවිද මන්දා...
හීන දහසක අරුණැලි
Thursday, March 31, 2011
නුඹ මගේ උදෑසන
මීදුමක නෙතු තියා
මඟ නොමඟ සොයමි මම
උදා හිරු රැසක් සේ
හිත ළඟට එබෙයි නුඹ
පිණි අතුල තණ පලස
නොරිදවා ඇදෙමි මම
මදනලක මුහුවෙලා
සිනහ මල් ඉසියි නුඹ
රෑ උපන් කඳුළු බිඳු
නුඹ ලයෙහි හොවමි මම
ඇඟිලි තුඩගින් කඳුළු
සිතුවමක් අඳියි නුඹ
මඟ නොමඟ සොයමි මම
උදා හිරු රැසක් සේ
හිත ළඟට එබෙයි නුඹ
පිණි අතුල තණ පලස
නොරිදවා ඇදෙමි මම
මදනලක මුහුවෙලා
සිනහ මල් ඉසියි නුඹ
රෑ උපන් කඳුළු බිඳු
නුඹ ලයෙහි හොවමි මම
ඇඟිලි තුඩගින් කඳුළු
සිතුවමක් අඳියි නුඹ
Sunday, March 27, 2011
පිරුණු- නොපිරුණු
පිරුණු බව
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...
නුඹම
ඒ හිස්තැන් පුරවා
අලුත් හිස්තැන් මවා
ඈතක සිට
සිනාසෙන'යුරු!
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...
නුඹම
ඒ හිස්තැන් පුරවා
අලුත් හිස්තැන් මවා
ඈතක සිට
සිනාසෙන'යුරු!
Thursday, March 24, 2011
පුරුදුයි
සීතලයි මෙහෙට නම්
ආව දවසේ පටන්
කීරි ගැහෙනවා හිතම
ගත වෙළෙන සුළඟකින්
මතක් වෙන්නට දුන්නු
උණුහුම්ම සුසුමකින්
දවස් ගෙවනවා ඉතින්
හීන පුරුදුයි නේ දැන්!
Tuesday, March 22, 2011
Monday, March 21, 2011
ආපසු
තුති
සොරාගත්
පුංචි ඉඩකඩට...
හිනාවක්
දකින්නට දුන්නාට...
කටහඬින්
මත් වෙන්න දුන්නාට...
අත ළඟම මුත්
බෝ දුරක හිඳ
දුර කතර ගෙවාවිත්
ළඟක මම දැන්
ආයෙමත්!
සොරාගත්
පුංචි ඉඩකඩට...
හිනාවක්
දකින්නට දුන්නාට...
කටහඬින්
මත් වෙන්න දුන්නාට...
අත ළඟම මුත්
බෝ දුරක හිඳ
දුර කතර ගෙවාවිත්
ළඟක මම දැන්
ආයෙමත්!
Tuesday, March 8, 2011
වසරක්!!
රහසේම නුඹේ
සුසුම් බිඳකට
මගේ සුසුම් පෙවූ දින පටන්
ගෙවුණු මඟ දිග
බලන් නෙතු හැර
පිපී කවි මල් සියගණන්
හෙටක් නැති ලොව
අද පමණි අප
සිහින දකිනුයේ සිත් බැඳන්
වසක් නොව
දිවි පුරා නුඹ මගේ
හදෙහි කවියක් වී හිඳින්..!
Subscribe to:
Posts (Atom)


