Tuesday, April 26, 2011

නුඹයි!














දෙතොල් අග තවරනා
මඳහසක රස නුඹයි
සුව නින්දේ දැවටෙනා
ගැඹුරු හීනය නුඹයි
නෙතු දිවෙන දුර පුරා
නුබෙහි රන් පෑ නුඹයි
කළඹලා හද නුරා
පිපෙන කවිකම නුඹයි

Friday, April 22, 2011

my fairy tale

it is only a fairy tale
it sure has to be
otherwise how can you explain
all this unreality?
how does this story end
will you be kind to tell me?
does it have more moondust
and a wishing tree?
shall I close my eyes hard
and wait till eternity?
to have you smiling by my side
in the land of never-to-be....

Thursday, April 21, 2011

වැස්ස

දුවන වැස්සක් වෙලා
හිතට ඇදහැලුනේ කිම
කටුක මේ දිවිමඟට
සිසිල දී සැඟවෙන්න?

පැල් බැඳන් වැසි වැටෙන
මෝසමක් නොවුනේ කිම
හද පුරන් කෙත්යාය
හෙමින් අස්වද්දාලන්න?

Wednesday, April 20, 2011

දින දසුන

දින නොමැති
දින දසුන
ඔබ, මට
ඔබ ආ දා හිරු නඟින
නොආ දා හිරු බසින

Saturday, April 9, 2011

යාත්‍රා

හීන තොටුපොළ
වෙතට පාවෙමි
සුසුම් පවනින්
රුවල් පුම්බමි
මඟ කියන්නට
නැකත් තරුවක්
සදිසි දෙනෙතක්
දුරින් හඳුනමි

Friday, April 8, 2011

forgotten summer

පත් හලා අතු ඉති ඉපල් වූ
තුරු මැදින්,දුර කඳු මතින්
හමයි පවනක්,
ඈත ඉම සිට
මතක නැති වුනු වසන්තෙන්
නොපෙනෙනා දුර තෙක්ම දිවෙනා
තණ පලස ඇත හිස් අතින්
ඉඳහිටකවත්,
කුරුළු රෑනක්
මං සොයා එනු ඇත සිතන්
මතක ගඟ දිග පිපුණු සුදු මල්
නෙතු බිමට හරවා ඉඳන්
නොහඬනා'යුරු,
සිනාසෙන'යුරු
උනුන් වෙත මුමුණනු බලන්

Thursday, April 7, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

Wednesday, April 6, 2011

මතක

අඳුරු මහා පාන්දර
ගැඹුරු නිදි විසිරුවා
සිත අසල නවතින්න
ඔට්ටු නැහැ!!
රුදුරු කළුවර ඉරා
දිලිසෙනා මතක රැස
පෙන්වලා හිනැහෙන්න
ඔට්ටු නැහැ!!