ආකහෙන් සොරා ගෙන
දිලිසෙනම තරු කැටය
මගේ හදවත ගැඹර
වසන් කර හිඳිමි මම
මගේ දෙනෙතෙන් එබෙන
ප්රීතියක මුදු කැල්ම
ඒ රහස් තරු එළිය...
මගේ සොඳුරු තරු එළිය!
Sunday, July 10, 2011
Friday, July 8, 2011
සීතලෙන්!
හිම ඉහෙන හීතලේ
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්රීතියෙන්!
කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්රීතියෙන්!
කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!
Monday, July 4, 2011
life..
රන් පාට හිරු කිරණ
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...
Saturday, July 2, 2011
Happy birthday!
a
silent wish...
I am sure
you will
hear it,
a
kiss from far...
I am sure
you will
feel it
happy birthday!
Friday, July 1, 2011
බලා ඉමි
දිනක් එළඹෙවී මතු
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන
නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන
නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත
Tuesday, June 28, 2011
කවි සිඳුන දා
ඉඩෝරෙට හේබෑව
මගේ සිතේ කවි කඳුර
පිරී උතුරන සතුට
අරන් හෙට එනවාද?
ගිනිගහන ඉර මඬල
දෝතකින් මුවාකර
සිතට සිසිලස ගෙනෙන
සෙවනැල්ල වෙනවාද?
දූලි වැකි නිසාමයි
උපන්නේ මේ කඳුළු
වදන් නැති කතාවක්
අසන්නට එනවාද?
මගේ සිතේ කවි කඳුර
පිරී උතුරන සතුට
අරන් හෙට එනවාද?
ගිනිගහන ඉර මඬල
දෝතකින් මුවාකර
සිතට සිසිලස ගෙනෙන
සෙවනැල්ල වෙනවාද?
දූලි වැකි නිසාමයි
උපන්නේ මේ කඳුළු
වදන් නැති කතාවක්
අසන්නට එනවාද?
Thursday, June 23, 2011
සිතට සීතල
ඈත කඳු මුදුනට
හිම වැටෙන බව කිය කිය
හමන මේ සුළඟින්
ඉරි ඇඳෙයි මගේ හදවත
කුටියේ ඇති උණුහුම
නොමැති දා මගේ සිත තුළ
නුඹ තවත් දුර බව
සුළඟ මුමුණයි ඉඳහිට
හිම වැටෙන බව කිය කිය
හමන මේ සුළඟින්
ඉරි ඇඳෙයි මගේ හදවත
කුටියේ ඇති උණුහුම
නොමැති දා මගේ සිත තුළ
නුඹ තවත් දුර බව
සුළඟ මුමුණයි ඉඳහිට
Tuesday, June 21, 2011
ලංසුව
සිනහවක උණුහුම
හුවමාරුවට එනවද?
දුකම ගැල් දහසක්
සොයාදෙන්නට පුළුවන
වටින්නේ නැතිනම්
සුලබ මගේ මේ කඳුලැලි
රිදුණු පොඩිවුණු සිතකුත්
ලංසුවට මට දෙනු හැකි
හුවමාරුවට එනවද?
දුකම ගැල් දහසක්
සොයාදෙන්නට පුළුවන
වටින්නේ නැතිනම්
සුලබ මගේ මේ කඳුලැලි
රිදුණු පොඩිවුණු සිතකුත්
ලංසුවට මට දෙනු හැකි
Subscribe to:
Posts (Atom)