මතකයෙන් ගිලිහෙනා රූ හැම
උපදිනා තව ලොවක් ඇත දුර
මැකෙන පියසටහන්ද එක එක
එහි ළවැලි මත මැවෙයි නිතරම
දෙනෙත් පිස පිස ගැලූ කඳුලැලි
දොළක් වී එහි ගලයි බෝ දුර
සිත් සතන් මැද සැඟවූ පැතුමන්
මල් පොකුරු වී පිපෙයි තැන තැන
නුඹට මා අමතක වූ දවසට
මඟ සොයා යමි, හිස් පැසක් ගෙන
කඳුළු දොළ අස පුරුදු නිම්නෙක
මල් නෙලමි මම මාල ගෙතුමට
Wednesday, July 13, 2011
Tuesday, July 12, 2011
thinking of you
සිනාසෙන හැම විටක
විදිලියක් සේ හදෙහි
ඇඳී නොපෙනී මැකෙන
පුංචි කඳුලත් නුඹයි
හඬා වැටෙනා විටෙක
හිසත් පිරිමැද සෙමෙන්
මතකයට මුවාවෙන
පුංචි සුසුමත් නුඹයි
විදිලියක් සේ හදෙහි
ඇඳී නොපෙනී මැකෙන
පුංචි කඳුලත් නුඹයි
හඬා වැටෙනා විටෙක
හිසත් පිරිමැද සෙමෙන්
මතකයට මුවාවෙන
පුංචි සුසුමත් නුඹයි
Sunday, July 10, 2011
මගේ තරු එළිය
ආකහෙන් සොරා ගෙන
දිලිසෙනම තරු කැටය
මගේ හදවත ගැඹර
වසන් කර හිඳිමි මම
මගේ දෙනෙතෙන් එබෙන
ප්‍රීතියක මුදු කැල්ම
ඒ රහස් තරු එළිය...
මගේ සොඳුරු තරු එළිය!
දිලිසෙනම තරු කැටය
මගේ හදවත ගැඹර
වසන් කර හිඳිමි මම
මගේ දෙනෙතෙන් එබෙන
ප්‍රීතියක මුදු කැල්ම
ඒ රහස් තරු එළිය...
මගේ සොඳුරු තරු එළිය!
Friday, July 8, 2011
සීතලෙන්!
හිම ඉහෙන හීතලේ
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්‍රීතියෙන්!
කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්‍රීතියෙන්!
කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!
Monday, July 4, 2011
life..
රන් පාට හිරු කිරණ
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...
Saturday, July 2, 2011
Happy birthday!
a
silent wish...
I am sure
you will
hear it,
a
kiss from far...
I am sure
you will
feel it
happy birthday!
Friday, July 1, 2011
බලා ඉමි
දිනක් එළඹෙවී මතු
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන
නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන
නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත
Tuesday, June 28, 2011
කවි සිඳුන දා
ඉඩෝරෙට හේබෑව
මගේ සිතේ කවි කඳුර
පිරී උතුරන සතුට
අරන් හෙට එනවාද?
ගිනිගහන ඉර මඬල
දෝතකින් මුවාකර
සිතට සිසිලස ගෙනෙන
සෙවනැල්ල වෙනවාද?
දූලි වැකි නිසාමයි
උපන්නේ මේ කඳුළු
වදන් නැති කතාවක්
අසන්නට එනවාද?
මගේ සිතේ කවි කඳුර
පිරී උතුරන සතුට
අරන් හෙට එනවාද?
ගිනිගහන ඉර මඬල
දෝතකින් මුවාකර
සිතට සිසිලස ගෙනෙන
සෙවනැල්ල වෙනවාද?
දූලි වැකි නිසාමයි
උපන්නේ මේ කඳුළු
වදන් නැති කතාවක්
අසන්නට එනවාද?
Subscribe to:
Posts (Atom)