Thursday, July 14, 2011
ගඟ
මරේ ගඟ...
ඉවුරු ළඟ එක පෙළට
විලෝ තුරු හඬන,
දිය රැළිත් සසල,
කළු හංස පවුලක්ම
ආදරෙන් රකින,
ගඟ ඉහත තුරු හෙලූ
පත් හිසින් රැගෙන,
හෙමි හෙමින් ගලන...
පොඩි කවිත් කියන,
කලාතුරකින් දිනක
රුදුරු වී කිපෙන,
ඉවුරු බිඳ දමන,
කඳු කඩා හලන,
බොර වතුර වීසි කර
"මේ මමයි!" කියන,
දවස් දෙක තුන හඬා
ආයෙමත් නිදන,
කිසිත් නොවූ ලෙසින
කීකරුව රඟන,
මරේ ගඟ...
මා තුළත් ගඟක් වෙයි
නුඹ ලෙසම ගලන...
Wednesday, July 13, 2011
ලොවක් ඇත දුර
මතකයෙන් ගිලිහෙනා රූ හැම
උපදිනා තව ලොවක් ඇත දුර
මැකෙන පියසටහන්ද එක එක
එහි ළවැලි මත මැවෙයි නිතරම
දෙනෙත් පිස පිස ගැලූ කඳුලැලි
දොළක් වී එහි ගලයි බෝ දුර
සිත් සතන් මැද සැඟවූ පැතුමන්
මල් පොකුරු වී පිපෙයි තැන තැන
නුඹට මා අමතක වූ දවසට
මඟ සොයා යමි, හිස් පැසක් ගෙන
කඳුළු දොළ අස පුරුදු නිම්නෙක
මල් නෙලමි මම මාල ගෙතුමට
උපදිනා තව ලොවක් ඇත දුර
මැකෙන පියසටහන්ද එක එක
එහි ළවැලි මත මැවෙයි නිතරම
දෙනෙත් පිස පිස ගැලූ කඳුලැලි
දොළක් වී එහි ගලයි බෝ දුර
සිත් සතන් මැද සැඟවූ පැතුමන්
මල් පොකුරු වී පිපෙයි තැන තැන
නුඹට මා අමතක වූ දවසට
මඟ සොයා යමි, හිස් පැසක් ගෙන
කඳුළු දොළ අස පුරුදු නිම්නෙක
මල් නෙලමි මම මාල ගෙතුමට
Tuesday, July 12, 2011
thinking of you
සිනාසෙන හැම විටක
විදිලියක් සේ හදෙහි
ඇඳී නොපෙනී මැකෙන
පුංචි කඳුලත් නුඹයි
හඬා වැටෙනා විටෙක
හිසත් පිරිමැද සෙමෙන්
මතකයට මුවාවෙන
පුංචි සුසුමත් නුඹයි
විදිලියක් සේ හදෙහි
ඇඳී නොපෙනී මැකෙන
පුංචි කඳුලත් නුඹයි
හඬා වැටෙනා විටෙක
හිසත් පිරිමැද සෙමෙන්
මතකයට මුවාවෙන
පුංචි සුසුමත් නුඹයි
Sunday, July 10, 2011
මගේ තරු එළිය
ආකහෙන් සොරා ගෙන
දිලිසෙනම තරු කැටය
මගේ හදවත ගැඹර
වසන් කර හිඳිමි මම
මගේ දෙනෙතෙන් එබෙන
ප්‍රීතියක මුදු කැල්ම
ඒ රහස් තරු එළිය...
මගේ සොඳුරු තරු එළිය!
දිලිසෙනම තරු කැටය
මගේ හදවත ගැඹර
වසන් කර හිඳිමි මම
මගේ දෙනෙතෙන් එබෙන
ප්‍රීතියක මුදු කැල්ම
ඒ රහස් තරු එළිය...
මගේ සොඳුරු තරු එළිය!
Friday, July 8, 2011
සීතලෙන්!
හිම ඉහෙන හීතලේ
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්‍රීතියෙන්!
කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්‍රීතියෙන්!
කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!
Monday, July 4, 2011
life..
රන් පාට හිරු කිරණ
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...
Saturday, July 2, 2011
Happy birthday!
a
silent wish...
I am sure
you will
hear it,
a
kiss from far...
I am sure
you will
feel it
happy birthday!
Friday, July 1, 2011
බලා ඉමි
දිනක් එළඹෙවී මතු
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන
නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන
නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත
Subscribe to:
Posts (Atom)