උණුහුමත් ගානටද
හරියටම බලන්නට
ගස මුලින් ඉපැද්දූ
පුංචි සුදු මල් කැකුළ...
තාම හරි හරියකට
ඉර එළිය නැතිවුනත්
හමන තෙත සුළං රැළි
පෙති මතම දඟ කලත්
හිත හදාගෙන තදින්
හිනැහෙනා මල් කැකුළ!
Saturday, August 20, 2011
Thursday, August 18, 2011
ගිනි
ගිනි පුපුර දඟ කරන
හදේ අළු යට නිදන
සුසුම් සුළඟින් සැලෙන
දවන, ගිනිබත් කරන
නෙතු සරක පටලැවෙන
ඇඟිලි තුඩු අග රැඳෙන
සැනෙන් සියොළඟ වෙලෙන
නිවෙන යළි යළි දැවෙන
Wednesday, August 17, 2011
දුර සයුර
කඳු මුදුන පිපුණු මට
පෙනෙයි දුර ක්ෂිතිජ ඉම
සෑම සිහිනයක අග
දැනෙයි සයුරක සුවඳ
එකින් එක පෙති සිඳිමි
සුළං අත පා කරමි
හෙට දකින සිහිනයක
සයුර, මම නුඹ සිඹිමි
පෙනෙයි දුර ක්ෂිතිජ ඉම
සෑම සිහිනයක අග
දැනෙයි සයුරක සුවඳ
එකින් එක පෙති සිඳිමි
සුළං අත පා කරමි
හෙට දකින සිහිනයක
සයුර, මම නුඹ සිඹිමි
Monday, August 8, 2011
තුහින මලක්
තුහින මලක් මම
තණ අග සුපිපුණු
බලා හිඳිමි රන් හිරු රැස් එන මඟ
ඉන් එළි බිඳකට
මොහොතක් පෙම් කර
සැඟවෙමි දිදුලන මතකය පොදිබැඳ
තණ අග සුපිපුණු
බලා හිඳිමි රන් හිරු රැස් එන මඟ
ඉන් එළි බිඳකට
මොහොතක් පෙම් කර
සැඟවෙමි දිදුලන මතකය පොදිබැඳ
Friday, August 5, 2011
යළි උපන්
මුල් ඇද්ද දා සිට
ආකහෙන් ලද දිය මිස
සෙනෙහසක් නොලැබූ බව
සාක්කිය ඉරිතැලි කඳ
අව් වැසි සුළං හඳුනන
අකුණු සර ළඟ නොසැලෙන
ඍතුවෙන් ඍතුව ගතවෙන
දුර බලා නිති ඉවසන
රළු පරළු අතු අග
කිසිම දා මල් නොපිපුණ
බඹර ගුමුවක් නොඇසුන
තනිකමක් හා තනිවුණ
හිස තියා මුල් රැස මැද
බදා පහුරින් රළු කඳ
ලතාවක මිමිනුම් හඬ
ඇසුණි පැටලී සිහිනෙක
අහම්බෙන් මේ මඟ
ගියොත් නෙත රැවටෙනු ඇත
ලියවැළක සෙනෙහස මැද
මල් රැසක් දිලිසුණා තුරු හිස
ආකහෙන් ලද දිය මිස
සෙනෙහසක් නොලැබූ බව
සාක්කිය ඉරිතැලි කඳ
අව් වැසි සුළං හඳුනන
අකුණු සර ළඟ නොසැලෙන
ඍතුවෙන් ඍතුව ගතවෙන
දුර බලා නිති ඉවසන
රළු පරළු අතු අග
කිසිම දා මල් නොපිපුණ
බඹර ගුමුවක් නොඇසුන
තනිකමක් හා තනිවුණ
හිස තියා මුල් රැස මැද
බදා පහුරින් රළු කඳ
ලතාවක මිමිනුම් හඬ
ඇසුණි පැටලී සිහිනෙක
අහම්බෙන් මේ මඟ
ගියොත් නෙත රැවටෙනු ඇත
ලියවැළක සෙනෙහස මැද
මල් රැසක් දිලිසුණා තුරු හිස
Wednesday, August 3, 2011
මෙතැන තවමත් මම
දුර අවරගිර අග
අහස ගුගුරා හැලුනද
කඳුළු උතුරා ගැලුවද
මෙතැන තවමත් මම
අසෙනි මහා වැසි මැද
කඳුරු දිය ගොඩ ගැලුවද
කැකුළු නටුවෙන් මිදුනද
මෙතැන තවමත් මම
අඳුරට එළිය අරගෙන
නුඹ නෑවිත්ම උන්නද
ඇවිත් කඳුලැලි සින්දද
මෙතැන තවමත් මම
Tuesday, August 2, 2011
තව දුරයි
ලා පැහැති හිරු ඉරි
නිතරම කතා කෙරුවට
තණබිම තවම සීතයි
තුහින බිඳු දුර දිදුලයි
සීතලට බිය නැති
මල් පොඩි සිනා සැලුවට
වසන්තය තව දුරමයි
ඉවසන්න මට පුරුදුයි
නිතරම කතා කෙරුවට
තණබිම තවම සීතයි
තුහින බිඳු දුර දිදුලයි
සීතලට බිය නැති
මල් පොඩි සිනා සැලුවට
වසන්තය තව දුරමයි
ඉවසන්න මට පුරුදුයි
Thursday, July 28, 2011
වස්සානයේ අවසන
මේ වස්සානයේ අවසන
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ
ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ
ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය
Subscribe to:
Posts (Atom)

