සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Thursday, October 13, 2011
කියාවිද?
සැනෙන් සසැලෙන
දෙනෙත් රවටන
වළා සිතියම ඇඳෙයි නුබ තල
බලා සිටියොත්
කඳුළු එන තුරු
කියාවිද මට නුඹ හිඳින තැන?
රහස් නොකියන
සීත පොරවන
සුළං රැළි මේ හමයි හැම අත
සඟවා ගතහොත්
දෑත එක්කර
කියාවිද නුඹ යළිත් එන දින?
Tuesday, October 11, 2011
in the moonlight
එක් කර පිණි බිඳු
මල් කෙමි ඔඩමට
තැනු මී මදිරා බී මත්වී
සඳ රැස් තැන තැන
වැතිරී නිදි අද
මල් පෙති පොරවා උණුහුම් වී
Sunday, October 9, 2011
හුරු
ඉඳහිටක හඬවන
හැඬූ කඳුළුත් පිසලන
සිනහ මල් පළඳන
සුසුම් පිඹ යළි විසුරණ
හදවතේ සිව් කොන
ඇවිද මුල්ගල් සිටුවන
කටු ඇනුණු තැන් දැන
හෙමින් මල් පොඩි පුබුදන
ඇඟිලි තුඩු සිපගෙන
කවි බිඳිති පැළකර යන
නොකියනා වදනින
කතා දහසක් මුමුණන
ආදරෙයි නොකියන
හිතේ මැද උණුහුම් වෙන
පෙර පුරුදු සුවඳින
දිවිය පුරවා සැඟවෙන
Thursday, October 6, 2011
රූ
දෙතොල හරහා
ඇඟිලි තුඩගින්
අඳිමි මතකෙන් සිනහ සලකුණු
දෙනෙත ගැඹරෙහි
කිමිද මොහොතක්
සොයා යන්නෙමි මතක විසිතුරු
අවුල් කෙහෙරැළි
අතර පැටලී
සුළං රැළි වෙමි සිඹින නිරතුරු
රුවක නතරව
අතරමං වෙමි
සිහිනයක් වී හෙටත් එනතුරු
Tuesday, October 4, 2011
පණිවිඩය
අතින් අදිනා දිය රැළිති හා
යා යුතුව ඇත බෝ දුරක්
බිඳක් නතරව නුඹ අසල හිඳ
රහස් ලෙස පවසමි යමක්
අතු පතර නැලෙවෙද්දී පෙරදින
මගේ ළඟට වී ගී අසන්
මගේ කොපුලත හාදු තැවරූ
පතක් ඇත තව මඟ බලන්
හෙට දිනෙක ඈ ආවොතින්
මේ ගං දියේ මා ගැන සොයන්
කියනු පෙම ලොව සදාකල් බව
අපට අප හිමි නැති උනත්
Sunday, October 2, 2011
වැහි
දුර අහස ඇතිරුණ
වැහි බීරුමක සලකුණ
දම් පැහැම පුරවයි
බැලු බැලූ හැමතැන
අඳුරු වී යැයි රැවටුණ
සියොත් කැල තැතිගෙන
සෙවණක් සොයා පියඹති
ආ ගමන් අමතක කර
කුසීතව සැඟවුන
හිරු, පුංචි එළියකි දුර
වළා යහනක සැතපී
නේන බව වත් නොකියන
Saturday, October 1, 2011
සලකුණු
මතකය මිස සැමරුම් නැති
පැතුමන් මිස සලකුණු නැති
නෙත පතුලත දිලිසුම මිස
නුඹ ගත් ඉඩ ලොව දන්නැති
-
Friday, September 30, 2011
so very far
නුඹ උරයේ උණුහුම් තැන
අමතක වූ සුසුමක් ඇත
වදනට නොහැරි දහසක්
රහසේම එහි ලියැවී ඇත
වැසූ කළ වුව නෙතු පිය
අවදිවන සේයා ඇත
සිනහා බිඳු ගෙන කැලතූ
නුඹේ ඇඟිලි සලකුණු ඇත
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)