මතකයට විසිකරන්නට නම්
හිත් නොදෙන මේ හාදු අහුරම
දෝතකට ගෙන කොපුල අද්දර
සඟවාගන්නම් රෑ පුරාවට...
කල්පයක් රැඳී අඳුර බිඳගෙන
කලා පිරි සඳ ලෙසින් පායන
නුඹේ සිනා වත ගෙත්තමක් වී
දකිමි මම හැම සිහින සළුවක...
Tuesday, August 31, 2010
Sunday, August 29, 2010
....
සිනා සයුරක් අතර
කඳුළු බිඳුවක් රකිමි
කල්ප වැස්සට තෙමුණ
හදවතක් පිරිමදිමි
නොනිමි සීතලක් මැද
නිරතුරුව කල් ගෙවමි
ලෝකයට වහන් වී
කඳුළු කව් පද ලියමි
කඳුළු බිඳුවක් රකිමි
කල්ප වැස්සට තෙමුණ
හදවතක් පිරිමදිමි
නොනිමි සීතලක් මැද
නිරතුරුව කල් ගෙවමි
ලෝකයට වහන් වී
කඳුළු කව් පද ලියමි
Friday, August 27, 2010
wishes
unbidden they arise
hiding in heartbeats...
whispering softly
of the sadness
of sweet longings...
vanishing into thin air
on the wings of
secret sighs..
wishes they are
“only if they came true!”...
hiding in heartbeats...
whispering softly
of the sadness
of sweet longings...
vanishing into thin air
on the wings of
secret sighs..
wishes they are
“only if they came true!”...
Wednesday, August 25, 2010
Tuesday, August 24, 2010
Monday, August 23, 2010
සෙවනැල්ල
අත ළඟම සේ පෙනෙන
මායාව සිත දවන
නුඹයි සෙවනැලි දහස
ළඟ වුනත් ළඟ නොවන
එළිය සමගින් මැවෙන
අඳුර ළඟ සැඟව යන
නොපෙනුනත් ළඟින් ඉඳ
හිතට එබිකම් කරන
කිසිදිනක හිමි නොවන
කිසිදිනක වෙන් නොවන
තනිකමට තනි රකින
සෙවනැල්ල නුඹ සබඳ
මායාව සිත දවන
නුඹයි සෙවනැලි දහස
ළඟ වුනත් ළඟ නොවන
එළිය සමගින් මැවෙන
අඳුර ළඟ සැඟව යන
නොපෙනුනත් ළඟින් ඉඳ
හිතට එබිකම් කරන
කිසිදිනක හිමි නොවන
කිසිදිනක වෙන් නොවන
තනිකමට තනි රකින
සෙවනැල්ල නුඹ සබඳ
Sunday, August 22, 2010
සිත අරවින්ද
සිත් මලක පෙති සින්ද
කඳුළු නිති නෙත බින්ද
යුගයේ කටු කළලින්ද
වැසුණි සිත අරවින්ද
දහක් මුදු වදනින්ද
සිහින සුව පහසින්ද
නුඹ ළඟම සුව වින්ද
පිපුණි සිත අරවින්ද
කඳුළු නිති නෙත බින්ද
යුගයේ කටු කළලින්ද
වැසුණි සිත අරවින්ද
දහක් මුදු වදනින්ද
සිහින සුව පහසින්ද
නුඹ ළඟම සුව වින්ද
පිපුණි සිත අරවින්ද
Saturday, August 21, 2010
plum blossoms
නූපන්න වසන්තෙට
ඇඟිලි ගනිමින් තුටින්
හිම පියලි පිස හමන
සුළං ඉවසා සිතින්
පොකුරකට තුරුළු වී
මුදු රහස් කොඳුරමින්
ප්ලම් කුසුම් පිපී ඇත
හෙටක අරුමය අරන්
ඇඟිලි ගනිමින් තුටින්
හිම පියලි පිස හමන
සුළං ඉවසා සිතින්
පොකුරකට තුරුළු වී
මුදු රහස් කොඳුරමින්
ප්ලම් කුසුම් පිපී ඇත
හෙටක අරුමය අරන්
Subscribe to:
Posts (Atom)

