ආකහේ සළු මතින්
තරු ගඟම ගිලිහිලා
අමාවක මකන්නට
නුඹේ දෙනෙත් නැත දුලා
අඳුර මම හැඳිනුවෙමි
නුඹ එළිය දුන් නිසා
සිනහවක් සිඹින්නෙමි
නුඹේ මතකයෙන් ගෙනා
හෙටක නුඹ ළඟට වී
සිහිනයක දැවටිලා
නුඹේ නෙතු කැල්ම ළඟ
කඳුළු සඟවමි නොලා
Thursday, September 30, 2010
Tuesday, September 28, 2010
Monday, September 27, 2010
somewhere
somewhere down the rainbow
there is a special place
where I won’t have to be strong
just in case
somewhere down the rainbow
that will be the place
where I can be in your arms
and be in peace
somewhere down the rainbow
I wish there was a place
where I won’t say I miss you
as you’ll always be close
there is a special place
where I won’t have to be strong
just in case
somewhere down the rainbow
that will be the place
where I can be in your arms
and be in peace
somewhere down the rainbow
I wish there was a place
where I won’t say I miss you
as you’ll always be close
Sunday, September 26, 2010
Saturday, September 25, 2010
lost
සදාතන වස්සානයක් මැද
සීතලෙන් උණුසුමක් සෙව්වෙමි
දෙකොපුලෙහි කඳුලැලිත් මිදුනත්
වැසූ දෙනෙතින් හිරු දකින්නෙමි
දෙනෙත කඳුලැලි ඉතිරි වී නැත
කඳුළු සාගරයක් හෙලූවෙමි
දිවියේ සුවිසල් පතන් බිම් මැද
තවම සෙවනක් සොයා යන්නෙමි
සුළං අතටම ගසාගෙන ගිය
අතීතයේ සිතුවම් දකින්නෙමි
සිසිරයේ රුදු කුණාටුව මැද
මඟ හැරුණු මල් පියලි ඇහිඳිමි
සීතලෙන් උණුසුමක් සෙව්වෙමි
දෙකොපුලෙහි කඳුලැලිත් මිදුනත්
වැසූ දෙනෙතින් හිරු දකින්නෙමි
දෙනෙත කඳුලැලි ඉතිරි වී නැත
කඳුළු සාගරයක් හෙලූවෙමි
දිවියේ සුවිසල් පතන් බිම් මැද
තවම සෙවනක් සොයා යන්නෙමි
සුළං අතටම ගසාගෙන ගිය
අතීතයේ සිතුවම් දකින්නෙමි
සිසිරයේ රුදු කුණාටුව මැද
මඟ හැරුණු මල් පියලි ඇහිඳිමි
Tuesday, September 21, 2010
කතර මැද
රළු ළවැලි දැවටුන
නිරුද කතරක් අසබඩ
පිපාසිත සිත මම
නුඹයි වට හිරිපොද රැස
මැණික් සේ දිදුලන
වැලි කැටිති මේ හැමතැන
සීරිලා හදවත
රුහිරෙන් අඳිමි සිතුවම
නුඹෙන් දුටු කෙම්බිම
මිරිඟු දිය වුව කම් නැත
තෙතක් නැති ලොව තුල
පතොක් මල වෙමි නුඹ ළඟ
නිරුද කතරක් අසබඩ
පිපාසිත සිත මම
නුඹයි වට හිරිපොද රැස
මැණික් සේ දිදුලන
වැලි කැටිති මේ හැමතැන
සීරිලා හදවත
රුහිරෙන් අඳිමි සිතුවම
නුඹෙන් දුටු කෙම්බිම
මිරිඟු දිය වුව කම් නැත
තෙතක් නැති ලොව තුල
පතොක් මල වෙමි නුඹ ළඟ
...
පවනක්ව දැවටෙන්න
සිත තනිය දුරලන්න
ගීයක්ව මිමිනෙන්න
රහසින්ම ළඟ ඉන්න
නෙතු දෑලේ තනිවෙන්න
වරම් නැත ලංවෙන්න
දිදුල දෙන සඳ වැන්න
දුරින් ඉඳ හිනැහෙන්න
සිත තනිය දුරලන්න
ගීයක්ව මිමිනෙන්න
රහසින්ම ළඟ ඉන්න
නෙතු දෑලේ තනිවෙන්න
වරම් නැත ලංවෙන්න
දිදුල දෙන සඳ වැන්න
දුරින් ඉඳ හිනැහෙන්න
Subscribe to:
Posts (Atom)

