මතක අතරින් කැලතිලා
නොසිතු මොහොතක සැඟවිලා
නුඹේ සුවඳක් පාවෙලා එයි
පුරුදු සුසුමක දැවටිලා
කොපුල් තල දෝතින් වෙලා
සිනා මුව වෙත ලං වෙලා
එකම මොහොතක් හිඳිනු හැකිනම්
ලොවම නවතියි සසැලිලා
Tuesday, November 30, 2010
Sunday, November 28, 2010
දින දින ගෙවමි
දෑස දැවෙන
නොපෙනෙන දුර
සිත තනියම ඇදුනි..
ගත මිස මෙහි
නතර වේවි
වෙන කිසිවක් නොමැති..
දෙපා වෙලූ
රැහැන් බරින්
හදවත තටු සිඳුනී..
ඉතින් තවත්
සිත නැතිවම
මම දින දින ගෙවමි..
නොපෙනෙන දුර
සිත තනියම ඇදුනි..
ගත මිස මෙහි
නතර වේවි
වෙන කිසිවක් නොමැති..
දෙපා වෙලූ
රැහැන් බරින්
හදවත තටු සිඳුනී..
ඉතින් තවත්
සිත නැතිවම
මම දින දින ගෙවමි..
Thursday, November 25, 2010
තුරල් වැහි
සතර අත කළු කරන්
කඳුළු මිරිකන අහස
අහම්බෙන් ඇස ගැටුණි
සිනහා උතුරන දෑස
එකතු වී වලාකුළු
කියා තුඩ තුඩ රහස
රන් රුවැති ඉර මලට
තිමිර ඇරියා විගස
Monday, November 22, 2010
ගිම්හාන
ගහකොලද දළු සිඳී
සුළං රැළි නිදි වැදී
බරැති හුස්මන් පමණි
සතර අත ඇදි ඇදී
හිරු කිරණ මැද රිදී
මල් කැකුළු පණ අදී
ගිම්හාන මාසයක
තතු ඇසෙයි රැව් දිදී
සුළං රැළි නිදි වැදී
බරැති හුස්මන් පමණි
සතර අත ඇදි ඇදී
හිරු කිරණ මැද රිදී
මල් කැකුළු පණ අදී
ගිම්හාන මාසයක
තතු ඇසෙයි රැව් දිදී
Sunday, November 21, 2010
Saturday, November 20, 2010
නමක්?
හදවතේ ගැඹුරු තැන
නිරතුරුව කැළඹවූ
දෙතොල් අග හස රඳා
නෙත කඳුළු පුරවලූ
මතක රැඳී පොතක් සේ
හුරුපුරුදු බව කියූ
සිතේ නුඹ ඇඳි ඉරට
මට නමක් පවසනු
නිරතුරුව කැළඹවූ
දෙතොල් අග හස රඳා
නෙත කඳුළු පුරවලූ
මතක රැඳී පොතක් සේ
හුරුපුරුදු බව කියූ
සිතේ නුඹ ඇඳි ඉරට
මට නමක් පවසනු
Thursday, November 18, 2010
විස කටු මැද
විස කටු මැද පිපි
මුදු පෙති සිපගමි
සීරුණු තොල්අග
සිනහම රඳවමි
මල මුදු සුවඳින්
රිදුම් ඉවතලමි
කටු වල පැටලුනු
සිහිනය සුරකිමි
Wednesday, November 17, 2010
තුති!
පිටු අතර මගේ කවි
රඳවන්න වෙහෙස වූ
නුඹේ අතැඟිලි සිඹිමි..
නුඹේ ළබැඳි බව ළඟදී
නෙත උනන කඳුළු කැට
ඉතින් සඟවා ගනිමි..
රඳවන්න වෙහෙස වූ
නුඹේ අතැඟිලි සිඹිමි..
නුඹේ ළබැඳි බව ළඟදී
නෙත උනන කඳුළු කැට
ඉතින් සඟවා ගනිමි..
Subscribe to:
Posts (Atom)

