ඉතින් මා නොලීවත්
නුඹට හද කවි පිපෙන
ළඟ වුවත් දුර හිඳින
කාලයත් ගත නොවේද?
Thursday, February 17, 2011
Tuesday, February 15, 2011
තිළිණයක්
දෑත ගුලිකර
දෑතේ තබනෙමි
නොඅරින්න,
මා දුරක යන තෙක්...
නුඹත් මා මෙන්
නොකී පැතුමක්
පුංචි සුසුමක
දැවටුවෙමි මම
දෑතේ තබනෙමි
නොඅරින්න,
මා දුරක යන තෙක්...
නුඹත් මා මෙන්
නොකී පැතුමක්
පුංචි සුසුමක
දැවටුවෙමි මම
Thursday, February 10, 2011
එළි
අරුණක දිදුලන
රිදී තරුව නුඹ
ලොව නිදි මොහොතක
ඉඟි කර මුමුණන
අවරක සැඟවෙන
උල්කා එළි නුඹ
ඉපිද සිඳෙන පැතුමන්
සේ දිස්වෙන
රිදී තරුව නුඹ
ලොව නිදි මොහොතක
ඉඟි කර මුමුණන
අවරක සැඟවෙන
උල්කා එළි නුඹ
ඉපිද සිඳෙන පැතුමන්
සේ දිස්වෙන
Monday, February 7, 2011
Sunday, February 6, 2011
නුඹට මොහොතක්
රහසෙන් එනු මැන
හිත් ඉම පියමැන
සිනහ බිඳක්
නුඹේ දෝතට අරගෙන
මගේ ලොවෙන්
මොහොතක් සොරකම් කර
නුඹ වෙනුවෙන්
ලෝකයක් තනන්නම්
හිත් ඉම පියමැන
සිනහ බිඳක්
නුඹේ දෝතට අරගෙන
මගේ ලොවෙන්
මොහොතක් සොරකම් කර
නුඹ වෙනුවෙන්
ලෝකයක් තනන්නම්
Thursday, February 3, 2011
Wednesday, February 2, 2011
කේතකි
රළු ළවැලි මතින් පිපි
මුදු කේතකි කුසුමකි
සුභ සිහින හදේ පිරවූ
දළ සුළඟ සමඟ නැඟි
දූවිලි පුස්ඹෙන් පිරි
පුර කොණක වැඩෙයි නිසරූ
සැඩ සයුර ගෙනෙන නිති
ලුණු රටා ඇඳී ඇති
පත් පෙනෙයි විලස වියරූ
ලොව අපල මකණු රිසි
බුදු පුදට ගෙනෙන නිසි
කේතකි සෙව්වෝ බොහොලූ
මුදු කේතකි කුසුමකි
සුභ සිහින හදේ පිරවූ
දළ සුළඟ සමඟ නැඟි
දූවිලි පුස්ඹෙන් පිරි
පුර කොණක වැඩෙයි නිසරූ
සැඩ සයුර ගෙනෙන නිති
ලුණු රටා ඇඳී ඇති
පත් පෙනෙයි විලස වියරූ
ලොව අපල මකණු රිසි
බුදු පුදට ගෙනෙන නිසි
කේතකි සෙව්වෝ බොහොලූ
Monday, January 31, 2011
tlc :)
හීන් හාදුවක්
සුළඟට පවරමි
නුඹ නළලත පිස
රිදුම් මකන්නට
දෙනෙත් පියාගෙන
මොහොතක් ඉනු මැන
ගව් දහසක දුර
මැකෙනු දැනෙන්නට
සුළඟට පවරමි
නුඹ නළලත පිස
රිදුම් මකන්නට
දෙනෙත් පියාගෙන
මොහොතක් ඉනු මැන
ගව් දහසක දුර
මැකෙනු දැනෙන්නට
Subscribe to:
Posts (Atom)
