Wednesday, April 21, 2010

නොලැබූ

නොදොඩා වදනකුදු
ලියැවුන අකුරෙන්ම
සපැමිණ සීරුවෙන්
ලැගුම් ගෙන ම'හදේ
නොලබා බැල්මකුදු
සිතුම් සිය ගණනින්ම
පවසා දහක් දේ
ලැගුම් ගෙන ම'නෙතේ
නොලබා පහසකුදු
නොකියූ වදනින්ම
දවටලා සෙනෙහස
ලැගුම් ගෙන ම'සිතේ
නොලැබූ වරමක්ව
ජීවිතය පුරාවටම
කඳුළු බිඳුවක් වේවි
ලැගුම් ගෙන ම'ලොවේ 

1 comment:

  1. නො ලැබීම
    නො දෙඩීම
    නො ගැලපීමේ මුලය
    ඉතින්
    ලැබෙන
    දොඩන
    ගැලපෙන
    දෙයක් ලඟ පාතම ඈති නොපෙනුනාට
    දුක් වෙන්න එපා..
    ලැබෙන දේ පුදුමයි
    නොලැබෙන දේට වඩා
    බෙහෙත - කාලය

    ReplyDelete