Tuesday, March 23, 2010

කවිය

පාලමකි යා කරන
ඊයෙත් අදත්
කඳුලත් සිනහවත්
අඳුරත් එළියත්
නුඹත් මමත්!!

Sunday, March 21, 2010

නින්ද


නින්ද
දරු පැටව් නැති දා අගය නැති...
දරු පැටව් ඇති දා ලැබෙන්නේ නැති...

Friday, March 19, 2010

කඳුළු පින්කම

පුන් පෝ දින නුබ
රජ වෙයි ගනඳුර
පාළු දැනී සඳ
වෙහෙරේ ගසයි හිස
නාමල් පිපුනිද
සුවඳක් කොහි වෙද
රොන් සුණු මුවරද
සියතින් පෙති සිඳ
බෝ මැඬ පහනෙන්
විහිදෙයි අඳුරම
කඳුළු දියෙන් එය
දැල්වූ නිසාවද?
බුදු සමිඳුන් ළඟ
පා පියුමන් වැඳ
ගිනිගත් සිතකට
දියක් යදිමි මම

Wednesday, March 17, 2010

නුඹ

මේඝයක් සේ පාවෙලා විත්
සිරිපොදක් සේ විසිරිලා
වියළි කර්කශ පොළෝගැබ වෙත
නැවුම් සිසිලක් පැතිරුවා


සඳ රැසක් සේ පාවෙලා විත්
කොඳ කැකුළු පෙළ පුබුදලා
රැයේ ගණඳුර දුරැර රහසින්
සහන් එළියක් විහිදුවා


සුපැතුමක් සේ පාවෙලා විත්
කඳුලු අතරින් හිනැහිලා
ජීවිතේ ඉම සොයා යන්නට
අත්වැලක් වී නැවතුනා

Tuesday, March 16, 2010

කවි සිතට

කඳුළු කැට නිරතුරුව
දෑස් ළඟ නතර වුන
අතීතයේ කොයිතරම්
මිතුරුවීද කවිකම්...


නෙක සිහින සැබෑ වුන
සිනා තොල් අග පිපෙන
අද ඇයිද කවි සිතම
නිරුද කතරක් වුනේ?


මම සොයන කෙම් බිමත්
ඉසිඹුවත්, කවිසිතත්,
බලාඉමි එනතුරා
සිහිනයක් වෙලාවත්..