Friday, May 28, 2010

කදෝපැණි එළිය

එකම එක මොහොතකට දුවඇවිත්
හිත කොනක හාදුවක් තවරාන
යළිත් ආ සැනින් මේ සැඟව යන
කදෝපැණි නුඹයි කළුවර සිතට..!

Saturday, May 22, 2010

එන්න මා හා...





















එන්න මා හා
දෑත පටලා
මේ පාළු මංපෙත
පියමනින්නට
ඇසක් නොගැටෙන
හඬක් නොඇසෙන
මෙමඟ දිගටම
සිනා අතුරමු
ඊයේ අද නැති
හෙටක් නුපදින
සොඳුරු ලොවකට
මෙයයි මාවත
සිතුම් එක්කර
සිහිනයේ ඉම
තැනූ ලොව වෙත
එන්න යමු අපි!

අපි

නොලැබුන ඊයෙත්
නොලැබෙන හෙටත්
අතරමැද ඉසිඹුවක
දින දින බැගින්
සිනා මල් අහුලන
අපි !!

Thursday, May 20, 2010

Rhythm of your heartbeat

I would love to feel your pulse
under my lips....
telling me the sure rhythm
of your heartbeat
...the rhythm
that sometimes feels
so close to my own…
just like my own…

Wednesday, May 19, 2010

උණුසුම

හාත්පස සීතල
දුරැර දැවටෙන
නුඹේ වදන්වල
උණුසුම!!

Sunday, May 16, 2010

නෙතු දිවෙන මානේ

මීදුම් සේල පටලා
උණුහුමට නිදන කඳු වැටි
හාත්පස හැමතැනම
නෙතු දිවෙන මානේ
සවන පාරන නිහඬ බව මයි
දෙනෙත රිදවන නිසල බව මයි
වළාකුල් සේම බරවූ
පාළු සිතකට දැනුනේ

Friday, May 14, 2010

මඟකදී ඇසුණු ගීය

සසලිත වැහි බිඳු අතර
නොනවතින රිය පෙළ මැද
තනිවූ මට...
ඇසුණු සඳ
ඔබ ලබැඳි ගීයක්
දැනුනි දුරක සිටියත්
උණුසුම්ම හාදුවක් !!

කවි නිමිත්ත!!

මසිත පැටලුණු
සහස් සිතිවිලි
අතර සෙව්වෙමි
කවි නිමිත්තක්..
නුඹේ හසරැල්
කතා, දඟකම්
විසිරිලා මේ
සිත පුරාවට..

නුඹයි මාගේ
කවි නිමිත්තම!!

Sunday, May 9, 2010

පැහැය !

කළු සුදු
දිවියට
පැහැය
එක් කළ
නුඹ!

Friday, May 7, 2010

....

නොලැබෙන දේ ගැන
නොවැටුණු කඳුළු
නොලියූ කවි
සිරවී සිතේ
නොසිතු ලෙස

කඳුළු මල්

නුඹ නොආ
මඟ දිගට
පිපී අර
කඳුළු මල්!!

Tuesday, May 4, 2010

!!...

දුකක් සිත තුල උපන් හැම විට
නුඹ ගැනම හිත හිතා උන් මට
නුඹ නිසා දුක හිතුනු දිනයක
මිරිඟුවක ඇති අරුම සිහිවිය

හේමන්තය















හීගෝතු නංවමින්
හේමන්තයක් ඇවිත්
තුරු විමන් පාළු වී
සුළං රුදු ලෙස සරත්
එකම එක ඉපල්ලක
කහ ගැහුණු පත් අහුර
යා යුතුවූ මං නොදැන
තනිවෙලා ඉකි බිඳිත්

Saturday, May 1, 2010

ඇසේවි...

සිතට උහුලනු නොහී
තනිකමක් දැනුනු විට...
ජිවිතයේ විඩාවෙන්
ගතම සසලිත දිනක...
අසනු මැන හෙමිහෙමින්
කනට කොඳුරන හඬක්...
හීනයක් අද්දරින්
මුමුණනා මුදු හඬක්...
මෙලොව කොයි තැනක හෝ
එකම එක හදක්වත්
උමතුවෙන් මෙන් සැලී
නුඹට පෙම් කළ බවක්...
නුඹ නිසා ලෝකයක්
එකලු වී ඇති බවක්...