Friday, April 30, 2010

නිල් නෙළුම

සිහිගිරි පාමුල
පිපි නිල් නෙළුම සේ
හැමදාම ඉන්නම්

දුර ඉඳන් දකිමි
ලං විය නොහැකි...

Wednesday, April 28, 2010

පහන් තරුව

අහඹු ලෙස පායා අවරගිර
නොනිවී නොසැලී දිලෙන
මටම පමණක් මඟ කියන
පහන් තරුවයි, නුඹ මට

නුඹ වෙතම දෑස දල්වා
නුඹ වෙත සිතම රඳවා
මඟ නොමඟ කිසිත් නොඅසා
පැතුමක් පතමි නුඹ ගැන

Friday, April 23, 2010

ළඟ සිටියානම්


අනෝරා වැසි මැද
වත සුසුමක් සතපන්න
අනේ නුඹ ළඟ සිටියානම් …
නොකියූ දහසක් රහස්
කනට කොඳුරා කියන්න
අනේ නුඹ ළඟ සිටියානම්…
විදුලිලන මන්දාරමේ
සීතලක් නොදැනෙන්න
අනේ නුඹ ළඟ සිටියානම්…
ලොව තැවුල් මගහැර
සිහිනයක කිමිදෙන්න
අනේ නුඹ ළඟ සිටියානම් …

Thursday, April 22, 2010

හීන?

හීන නොදකින නුඹත්
හීනම දකින මමත්
කෙසේද හමුවෙන්නේ
හීනෙන් වත්?

Wednesday, April 21, 2010

නොලැබූ

නොදොඩා වදනකුදු
ලියැවුන අකුරෙන්ම
සපැමිණ සීරුවෙන්
ලැගුම් ගෙන ම'හදේ
නොලබා බැල්මකුදු
සිතුම් සිය ගණනින්ම
පවසා දහක් දේ
ලැගුම් ගෙන ම'නෙතේ
නොලබා පහසකුදු
නොකියූ වදනින්ම
දවටලා සෙනෙහස
ලැගුම් ගෙන ම'සිතේ
නොලැබූ වරමක්ව
ජීවිතය පුරාවටම
කඳුළු බිඳුවක් වේවි
ලැගුම් ගෙන ම'ලොවේ 

Sunday, April 18, 2010

අරුම!!


සිත් පව්ව
මත පතිතව
මුල් ඇදූ
අරුම නුඹ!!

Friday, April 16, 2010

නුඹ

රැය පුරා ලඟ ඇසෙන
සෙත් කවිය හිත නිවන
හදේ බිය දුරු කරන
තුන් සුතුර රැව් නැඟෙන

Wednesday, April 14, 2010

මගේ තිළිණය


අකීකරු කෙස් රොදෙහි
ඇඟිලි තුඩු පටලන්න…
සිනාසෙන නෙතු යුගේ
ගැඹුරටම කිමිදෙන්න…
දඟකාර මුව මඬලේ
හාදුවක් සතපන්න…
පපුතුරෙහි හිස හොවා
හදවතට කන් දෙන්න…
අප අතර ඇති වෙනස
කල්පයක් සේ දුරයි
හිමි නොවන උණුසුමට
මුළු සිතම ලොල් බඳී
හැඟීමෙන් පිරුණු මේ
අකීකරු සිතුම් රැස
දහස් ගව් දුරක සිට
නුඹට දෙන තිළිණයයි

Monday, April 12, 2010

කඳුළු කැට

එක එක හේතුවට වැටෙන
එක එක හැඩේ කඳුළු කැට
ජීවිතය පුරාවටම...
 

Sunday, April 11, 2010

my little miracle





I remember the first time
I saw your little eyes...
staring straight into mine
As if u knew me
from the long journey
that we came together
with one beating heart

I remember the first time I held you
my darling little one
How I marveled at your perfectness
your round soft cheek
and the little curled toes

You are my miracle
my sweet little one
You made all things possible
You made all things certain
and with you I know
that the gift of life is sacred

Friday, April 9, 2010

කියනු මැන මට

සිතින් පමණක්
දෑත් පටලා
නොයුතු මාවත
පියමණින අප...
දෑත අතහැර
ම’හැර යන්නට
නුඹට සිතුනොත්
කියනු මැන මට
කිසිත් නොකියා
කිසිත් නොඅසා
නුඹට සමු දෙමි
නුඹේ ලොව වෙත
කඳුළු අහුරක්
දෑතේ ගුලි කර
සුසුම් රැල්ලක්
හදේ සිර කර
සිහිනෙකින් ගෑ
සඳුන් සුවඳක්
හදේ තවරා
නික්ම යන්නෙමි

Thursday, April 8, 2010

නොකියූ කව

මට දැනෙන තරමට
නුඹට නොදැනෙන බව
දනිමි මම
මා කියන තරමටම
නුඹට නොකියවෙන බව
දනිමි මම
නොදැනු දේ නොකියන්න
නුඹ පරෙස්සම් බව
දනිමි මම
නොදැනුනත්
නොකිව්වත්
නුඹේ එක සිනහවක්
අගෙයි මට

Wednesday, April 7, 2010

almost

I can almost hear you
your soft crooning voice
and the strum of the guitar...
I can almost see you
your head bent
hair falling over your eyes...
I can almost touch you
you seem so close
so within reach
almost....
almost....
But not quite..

Tuesday, April 6, 2010

එදා - අද

එදා
ආදරෙන්
නුඹේ අත
පැළඳූ රන් මුදුව
අද
පුපුරු ගසන සලකුණකි
මා කොපුල මත
 

Saturday, April 3, 2010

සුළඟ

නොඅසාම නොකියාම
හද තුළට පාව ආ
කිසි දාක හමු නොවූ
හුරුපුරුදු සුළං පොද...
සිනා දෝතක් ගෙනත්
සිත ළඟම සතපවා
හදේ රැඳි කඳුළු කැට
එකින් එක පිස දමා
ලොවම අමතක කරන
සුභ සිහින දවටනා
හිතමිතුරු සුළං පොද...
නොඅසාම නොකියාම
සුළං රැල්ලක් ලෙසම
යන්න නම් එපා යළි
ලෝකයම හිස් වේවි!

Thursday, April 1, 2010

ඇරඹුම

සුන් වූ පැතුම් ළඟ
පැරදුනු විට ... ජීවිතය
හිරු මඬල ද ගිනිගෙන
අහක බැලුවා මතකයි
එහෙත්... නුඹ
ගිනිගත් ලොවක් මැද
කොහෙන්දෝ පාර අහගෙන
හීන් පවනැල්ලක් වී
මගේ ලඟ දැවටුනා
නුඹේ සිනා සිරිපොද ළඟ
මතකයට විසිකළ පැතුමන්
ලදල්ලක් සේ පීදී
සිත අග යළිත් ඉපදුනා...
ඉතින් හෙට දවසේත්
යළිත් අතුපතර විහිදන්න
හිරු මඬල හා හිනැහෙන්න
නුඹෙන් දිරි ලද්දෙමි