Saturday, April 3, 2010

සුළඟ

නොඅසාම නොකියාම
හද තුළට පාව ආ
කිසි දාක හමු නොවූ
හුරුපුරුදු සුළං පොද...
සිනා දෝතක් ගෙනත්
සිත ළඟම සතපවා
හදේ රැඳි කඳුළු කැට
එකින් එක පිස දමා
ලොවම අමතක කරන
සුභ සිහින දවටනා
හිතමිතුරු සුළං පොද...
නොඅසාම නොකියාම
සුළං රැල්ලක් ලෙසම
යන්න නම් එපා යළි
ලෝකයම හිස් වේවි!

2 comments:

  1. හරිම ලස්සනයි..ජය!

    ReplyDelete
  2. රිද්මයකට ගලාගෙන යන පදපෙලක්..... ලස්සනයි....

    ReplyDelete