Thursday, April 8, 2010

නොකියූ කව

මට දැනෙන තරමට
නුඹට නොදැනෙන බව
දනිමි මම
මා කියන තරමටම
නුඹට නොකියවෙන බව
දනිමි මම
නොදැනු දේ නොකියන්න
නුඹ පරෙස්සම් බව
දනිමි මම
නොදැනුනත්
නොකිව්වත්
නුඹේ එක සිනහවක්
අගෙයි මට

6 comments:

  1. ඔය තියන දැනීමම ඇති මම හිතන්නෙ ඒ පුද්ගලයව විඳින්න. මහ ලොකුවට වචන සහ හැසීරීම් ‍මොකටද මේ තරම් තේරුම් ගැනීමක් තියනවනම්.
    ලස්සනයි සොයුරිය මේ නිර්මාණය.

    ReplyDelete
  2. එකිනෙකාව විඳින්න වචනවත් මවා පෑමක්වත් ඕනෙ නැති බව අපූරුවට පද වලට ගලපල...... ලස්සනයි....

    ReplyDelete
  3. තුති! ඔබෙ වදන් මට දිරියක්!

    ReplyDelete
  4. හරිම ලස්සනයි පද ටික

    ReplyDelete
  5. නියමයි.. තව තවත් ලියන්න ...

    ReplyDelete
  6. මගෙත් කවිය. වෙන මොනව කියන්නද

    ReplyDelete