Wednesday, April 14, 2010

මගේ තිළිණය


අකීකරු කෙස් රොදෙහි
ඇඟිලි තුඩු පටලන්න…
සිනාසෙන නෙතු යුගේ
ගැඹුරටම කිමිදෙන්න…
දඟකාර මුව මඬලේ
හාදුවක් සතපන්න…
පපුතුරෙහි හිස හොවා
හදවතට කන් දෙන්න…
අප අතර ඇති වෙනස
කල්පයක් සේ දුරයි
හිමි නොවන උණුසුමට
මුළු සිතම ලොල් බඳී
හැඟීමෙන් පිරුණු මේ
අකීකරු සිතුම් රැස
දහස් ගව් දුරක සිට
නුඹට දෙන තිළිණයයි

3 comments:

  1. ම්..... හරිම ලස්සන තිළිණයක් නෙව.....
    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete
  2. අකීකරු කෙස් රොදට - ලොබ බැඳන් සිහිනයක
    නොකී කවි සිතේ ලියූ - රන් කඳට සෙනෙහසෙන්

    පපුතුරේ හොවාගෙන - සෙනේ ගිම් නිවාලන
    කලක් ලඟ ලඟම එයි - උනුසුමක් සොයා ගෙන

    ReplyDelete