Friday, March 19, 2010

කඳුළු පින්කම

පුන් පෝ දින නුබ
රජ වෙයි ගනඳුර
පාළු දැනී සඳ
වෙහෙරේ ගසයි හිස
නාමල් පිපුනිද
සුවඳක් කොහි වෙද
රොන් සුණු මුවරද
සියතින් පෙති සිඳ
බෝ මැඬ පහනෙන්
විහිදෙයි අඳුරම
කඳුළු දියෙන් එය
දැල්වූ නිසාවද?
බුදු සමිඳුන් ළඟ
පා පියුමන් වැඳ
ගිනිගත් සිතකට
දියක් යදිමි මම

1 comment: