Wednesday, March 17, 2010

නුඹ

මේඝයක් සේ පාවෙලා විත්
සිරිපොදක් සේ විසිරිලා
වියළි කර්කශ පොළෝගැබ වෙත
නැවුම් සිසිලක් පැතිරුවා


සඳ රැසක් සේ පාවෙලා විත්
කොඳ කැකුළු පෙළ පුබුදලා
රැයේ ගණඳුර දුරැර රහසින්
සහන් එළියක් විහිදුවා


සුපැතුමක් සේ පාවෙලා විත්
කඳුලු අතරින් හිනැහිලා
ජීවිතේ ඉම සොයා යන්නට
අත්වැලක් වී නැවතුනා

4 comments:

  1. ලස්සනයි පද පෙළ. තව ලියන්න සුබ පතනවා.

    ReplyDelete
  2. මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
    http://blog.inetlanka.com/

    ReplyDelete
  3. ලස්සනයි. මම දෙපාරක්ම කියෙව්වා. මුලින් පවි පෙල කියවද්දි හිතුනේ විරහව මුල් වෙලා කියලා.
    නමුත් දෙවැනි තැන ඉඳලා හරියට ගියා. තව ලියන්න.
    නිතර මොනවත් නොකිව්වට ලිව්වොත් කියවන්න කෂ්ටිය දැන් ඕනෑ තරම් ඉන්නවා

    /බිඟුවා...!

    ReplyDelete
  4. දිරි වදන් වලට තුති!

    ReplyDelete