Sunday, March 27, 2011

පිරුණු- නොපිරුණු

පිරුණු බව
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...

නුඹම
ඒ හිස්තැන් පුරවා
අලුත් හිස්තැන් මවා
ඈතක සිට
සිනාසෙන'යුරු!

1 comment:

  1. අළුත් හිස්බවක්
    දැනෙ සිතට මගෙ
    නික්ම ගියදා පටන්
    නුඹ මගේ ලෝකෙන්..

    ReplyDelete