Thursday, March 31, 2011

නුඹ මගේ උදෑසන

මීදුමක නෙතු තියා
මඟ නොමඟ සොයමි මම
උදා හිරු රැසක් සේ
හිත ළඟට එබෙයි නුඹ    

පිණි අතුල තණ පලස
නොරිදවා ඇදෙමි මම
මදනලක මුහුවෙලා
සිනහ මල් ඉසියි නුඹ

රෑ උපන් කඳුළු බිඳු
නුඹ ලයෙහි හොවමි මම
ඇඟිලි තුඩගින් කඳුළු
සිතුවමක් අඳියි නුඹ

2 comments:

  1. ඇඟිලි තුඩගින් ඇඳුනු
    කඳුලු සිතුවමකි මෙය
    එම නිසා පාට නැත
    අවර්ණයි සිතුවමම...

    :) ලස්සනයි කවි සෙට් එක...

    ReplyDelete
  2. දෙනෙත් පියාගෙන
    හොඳින් බලනු මැන
    අවර්ණ කඳුලක
    පාට දිලෙන'යුරු!

    තුති සාතන්!:)

    ReplyDelete