Wednesday, July 13, 2011

ලොවක් ඇත දුර

මතකයෙන් ගිලිහෙනා රූ හැම
උපදිනා තව ලොවක් ඇත දුර
මැකෙන පියසටහන්ද එක එක
එහි ළවැලි මත මැවෙයි නිතරම
දෙනෙත් පිස පිස ගැලූ කඳුලැලි
දොළක් වී එහි ගලයි බෝ දුර
සිත් සතන් මැද සැඟවූ පැතුමන්
මල් පොකුරු වී පිපෙයි තැන තැන

නුඹට මා අමතක වූ දවසට
මඟ සොයා යමි, හිස් පැසක් ගෙන
කඳුළු දොළ අස පුරුදු නිම්නෙක
මල් නෙලමි මම මාල ගෙතුමට

1 comment:

  1. අමතක නොවන දෑ මතක අතර ඉඳන් අනියි මගෙ හදට කෑලි වනතුරු එය..

    ReplyDelete