සෙවනැල්ලක
සැඟවී හිඳ
නුඹේ සිත ළඟ නැවතී
හිරු පුපුරණ
මද්දහනක
නුඹේ දාහය නිවමි
නුපුරුදු නෙත්
දහසක් මැද
සැඟව පෙනී නොපෙනී
මතකය දුන්
විදුලි ඉරක්
නෙත රවටා මවමි
සත් සමුදුර
දුර නැති සඳ
සිනහ බිඳක් එවමි
වෙහෙසී සිත
නොසොයන් මා
හදේ කොණක හිඳිමි
ලස්සන නිර්මාණයක්.වික්ටර් රත්නායකයන්ගේ මියුරු කල්පනා ගීතය සිහිවුනා.
ReplyDelete