Saturday, September 10, 2011

මුතු හදමි

අතැර ගිය වැලි අහුරකින්
කැවේ සිත යට සියුම් තැන්
දුක දරා සුපුරුදු බැවින්
මුතු හදමි මම වැලි අරන්

යළිත් නුඹ ආවිට ඉතින්
මුතු තබමි අත්ලත පෙමින්
හැඬූ බව වත් නොම දැනන්
සිනාසෙනු ඇත නුඹ නිතින්

1 comment:

  1. ඔබ වැනි අය
    ඉතා යහපත් අය .
    අප තරමක් නරක අය .
    හිතට වද දෙන කවි
    ලියා විසිකරන අය .

    ReplyDelete