Monday, December 19, 2011

කඳුළු නොගනින

ඉඳහිටක දුර ඉඳන් හඬන හඬ
හීන් සරකින් සවන වැකෙනවා
ළඟ ඉඳන් සනහන්න නොහැකි දා
සිනහවක් වී කඳුළු පිසිනවා

මඟ දෙපස මා නිතර යනෙන අත
නුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවා
දෝතකට නෙලන්නට නොහැකි මුත්
දුර තියා නුඹේ සුවඳ දැනෙනවා


නිදි නොනිදි අතර මැද නතර වී
හීනයක කොණක නුඹ තැවෙනවා
දෑත දිගු නොකර හදවත වසා
කඳුළු නොගැනම සිනහ මවනවා

2 comments:

  1. හ්ම්ම් හිතට ගොඩාක් වැදුනා. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. ස්ලීපින් ටැබ්ලට් පිහිට අර වෙන කොරන්න දෙයක් නැති වෙයි වගේ...

    ReplyDelete