එක එක හේතුවට වැටෙන
එක එක හැඩේ කඳුළු කැට
ජීවිතය පුරාවටම...
Monday, April 12, 2010
Sunday, April 11, 2010
my little miracle

I remember the first time
I saw your little eyes...
staring straight into mine
As if u knew me
from the long journey
that we came together
with one beating heart
I remember the first time I held you
my darling little one
How I marveled at your perfectness
your round soft cheek
and the little curled toes
You are my miracle
my sweet little one
You made all things possible
You made all things certain
and with you I know
that the gift of life is sacred
Friday, April 9, 2010
කියනු මැන මට
සිතින් පමණක්
දෑත් පටලා
නොයුතු මාවත
පියමණින අප...
දෑත අතහැර
ම’හැර යන්නට
නුඹට සිතුනොත්
කියනු මැන මට
කිසිත් නොකියා
කිසිත් නොඅසා
නුඹට සමු දෙමි
නුඹේ ලොව වෙත
කඳුළු අහුරක්
දෑතේ ගුලි කර
සුසුම් රැල්ලක්
හදේ සිර කර
සිහිනෙකින් ගෑ
සඳුන් සුවඳක්
හදේ තවරා
නික්ම යන්නෙමි
දෑත් පටලා
නොයුතු මාවත
පියමණින අප...
දෑත අතහැර
ම’හැර යන්නට
නුඹට සිතුනොත්
කියනු මැන මට
කිසිත් නොකියා
කිසිත් නොඅසා
නුඹට සමු දෙමි
නුඹේ ලොව වෙත
කඳුළු අහුරක්
දෑතේ ගුලි කර
සුසුම් රැල්ලක්
හදේ සිර කර
සිහිනෙකින් ගෑ
සඳුන් සුවඳක්
හදේ තවරා
නික්ම යන්නෙමි
Thursday, April 8, 2010
නොකියූ කව
මට දැනෙන තරමට
නුඹට නොදැනෙන බව
දනිමි මම
මා කියන තරමටම
නුඹට නොකියවෙන බව
දනිමි මම
නොදැනු දේ නොකියන්න
නුඹ පරෙස්සම් බව
දනිමි මම
නොදැනුනත්
නොකිව්වත්
නුඹේ එක සිනහවක්
අගෙයි මට
නුඹට නොදැනෙන බව
දනිමි මම
මා කියන තරමටම
නුඹට නොකියවෙන බව
දනිමි මම
නොදැනු දේ නොකියන්න
නුඹ පරෙස්සම් බව
දනිමි මම
නොදැනුනත්
නොකිව්වත්
නුඹේ එක සිනහවක්
අගෙයි මට
Wednesday, April 7, 2010
almost
I can almost hear you
your soft crooning voice
and the strum of the guitar...
I can almost see you
your head bent
hair falling over your eyes...
I can almost touch you
you seem so close
so within reach
almost....
almost....
But not quite..
your soft crooning voice
and the strum of the guitar...
I can almost see you
your head bent
hair falling over your eyes...
I can almost touch you
you seem so close
so within reach
almost....
almost....
But not quite..
Tuesday, April 6, 2010
Saturday, April 3, 2010
සුළඟ
නොඅසාම නොකියාම
හද තුළට පාව ආ
කිසි දාක හමු නොවූ
හුරුපුරුදු සුළං පොද...
සිනා දෝතක් ගෙනත්
සිත ළඟම සතපවා
හදේ රැඳි කඳුළු කැට
එකින් එක පිස දමා
ලොවම අමතක කරන
සුභ සිහින දවටනා
හිතමිතුරු සුළං පොද...
නොඅසාම නොකියාම
සුළං රැල්ලක් ලෙසම
යන්න නම් එපා යළි
ලෝකයම හිස් වේවි!
හද තුළට පාව ආ
කිසි දාක හමු නොවූ
හුරුපුරුදු සුළං පොද...
සිනා දෝතක් ගෙනත්
සිත ළඟම සතපවා
හදේ රැඳි කඳුළු කැට
එකින් එක පිස දමා
ලොවම අමතක කරන
සුභ සිහින දවටනා
හිතමිතුරු සුළං පොද...
නොඅසාම නොකියාම
සුළං රැල්ලක් ලෙසම
යන්න නම් එපා යළි
ලෝකයම හිස් වේවි!
Thursday, April 1, 2010
ඇරඹුම
සුන් වූ පැතුම් ළඟ
පැරදුනු විට ... ජීවිතය
හිරු මඬල ද ගිනිගෙන
අහක බැලුවා මතකයි
එහෙත්... නුඹ
ගිනිගත් ලොවක් මැද
කොහෙන්දෝ පාර අහගෙන
හීන් පවනැල්ලක් වී
මගේ ලඟ දැවටුනා
නුඹේ සිනා සිරිපොද ළඟ මතකයට විසිකළ පැතුමන්
ලදල්ලක් සේ පීදී
සිත අග යළිත් ඉපදුනා...
ඉතින් හෙට දවසේත්
යළිත් අතුපතර විහිදන්න
හිරු මඬල හා හිනැහෙන්න
නුඹෙන් දිරි ලද්දෙමි
Subscribe to:
Posts (Atom)
