Saturday, May 22, 2010

එන්න මා හා...





















එන්න මා හා
දෑත පටලා
මේ පාළු මංපෙත
පියමනින්නට
ඇසක් නොගැටෙන
හඬක් නොඇසෙන
මෙමඟ දිගටම
සිනා අතුරමු
ඊයේ අද නැති
හෙටක් නුපදින
සොඳුරු ලොවකට
මෙයයි මාවත
සිතුම් එක්කර
සිහිනයේ ඉම
තැනූ ලොව වෙත
එන්න යමු අපි!

1 comment:

  1. කොහෙද ‍දෙයියනේ යන්න හදන්නෙ මේ...:D

    කොහේ ගියත් කමක් නෑ ඇවිල්ල මේ වගේ ලස්සන දෙයක් ලියල යන්න.

    ReplyDelete