Wednesday, September 1, 2010

කඳුළු ගඟ

කොහේ හෝ ඈතකදී
වැටුණු පොඩි කඳුළකින්
මේ කුඩා දොළ පාර
පෙරදිනෙක මැවෙන්නැති

අතරමඟ හැම නෙතින්
උපන් කඳුලැලි අරන්
හෙමි හෙමින් කොඳුරමින්
මේ ලෙසට ඇදෙන්නැති

මඟ දිගට පය හැපෙන
දුක් කැබලි සිලුටු කොට
කඳුළු ගඟ ගැඹර මැද
සඟවලා තබන්නැති

කඳුළු බිඳු සිය දහක්
ලැගුම් ගත් සයුර ළඟ
මේ කඳුළු බර හෙලන
සිහිනයක් දකින්නැති

5 comments:

  1. නියමයි මලිති.
    ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  2. කඳුඵ වලට සාගරයේ තියෙන ඉඩ ප්‍රමාණයම සතුට වෙනුවෙනුත් තිබෙනව.

    අපූරුයි කවි පෙල...

    ReplyDelete