Tuesday, August 31, 2010

සිහින ගෙත්තම

මතකයට විසිකරන්නට නම්
හිත් නොදෙන මේ හාදු අහුරම
දෝතකට ගෙන කොපුල අද්දර
සඟවාගන්නම් රෑ පුරාවට...

කල්පයක් රැඳී අඳුර බිඳගෙන
කලා පිරි සඳ ලෙසින් පායන
නුඹේ සිනා වත ගෙත්තමක් වී
දකිමි මම හැම සිහින සළුවක...

1 comment:

  1. හිතේ තියාන විඳින විඳවන මතකය.....නුඹ නැත්නම් මම කොතැනද?...

    ReplyDelete