Thursday, September 9, 2010

සියවැන්න!


සමසක් පුරාවට
හද විල් තල මත
පිපි පියුම් අතරින
නුඹ නමින් සුපිපුණ
මෙයයි..
සිය වෙනි මහනිල..

කවි සිත් සිඳුණු හදකින්
කවි ගඟක් මවන්නට
එකව් දිය ලොව බෙදන්නට
නුඹ ළඟින් උන් බැවින
මෙකවි අස්වනු හැම
හිමිකරුත් නුඹමය!

5 comments:

  1. සත් සිහින සෙන්චරියට උණුසුම් සුබපැතුම් !!!

    ReplyDelete
  2. කවි සිත් සිඳුණු හදකින්
    කවි ගඟක් මවන්නට....

    Congrats...and keep it up!!!!
    --Nuwan--

    ReplyDelete
  3. මගෙත් සුබ පැතුම් !

    එක් අයෙක් වෙනුවෙන්ද මේ සියල්ල ලියවෙන්නෙ?

    ReplyDelete
  4. අදහස් වලට හා නිති ලබාදෙන දිරියට තුති සැමටම!! :)

    ReplyDelete