Monday, September 13, 2010

සොයමි

පවන් රැල්ලක එතී
දඟ කරන් පාව යන
වරා මල් පියල්ලක
මගේ හදවත තබමි

හිස් අහස් කුස පුරා
දස අතම සැරි සරා
තුරු ලපළු මුදුන් වල
ගිමන් හරිමින් හිඳිමි

මගේ හදට හුරු සුවඳ
තව වරා මලක්‌ ළඟ
පෙති අතර සැතපිලා
සන්හිඳක් නිති සොයමි

1 comment:

  1. හ්ම්..... සංහිඳක්!
    පරිස්සමින්. සියලු දෙවියන් මියගොස් ඇත.

    ReplyDelete