Tuesday, September 21, 2010

කතර මැද

රළු ළවැලි දැවටුන
නිරුද කතරක් අසබඩ
පිපාසිත සිත මම
නුඹයි වට හිරිපොද රැස

මැණික් සේ දිදුලන
වැලි කැටිති මේ හැමතැන
සීරිලා හදවත
රුහිරෙන් අඳිමි සිතුවම

නුඹෙන් දුටු කෙම්බිම
මිරිඟු දිය වුව කම් නැත
තෙතක් නැති ලොව තුල
පතොක් මල වෙමි නුඹ ළඟ

3 comments:

  1. 'මිරිඟු දිය වුව කම් නැත'

    අපූරු යෙදුමක්!

    ReplyDelete
  2. පතොක් ගහකටත් පුංචි හරි දිය සීරාවක් ඕන එහෙමත් නැතිනම්...

    ReplyDelete
  3. දිවි ගෙවමි ඒ පුංචි දිය සීරාවෙන්..

    තුති චාමි, සුසිත!

    ReplyDelete