Tuesday, March 8, 2011

වසරක්!!



රහසේම නුඹේ
සුසුම් බිඳකට
මගේ සුසුම් පෙවූ දින පටන්
ගෙවුණු මඟ දිග
බලන් නෙතු හැර
පිපී කවි මල් සියගණන්
හෙටක් නැති ලොව
අද පමණි අප
සිහින දකිනුයේ සිත් බැඳන්
වසක් නොව
දිවි පුරා නුඹ මගේ
හදෙහි කවියක් වී හිඳින්..!

6 comments:

  1. වසරක් පුරාවට සත්සිහින වෙත ආගිය, අදහස් කිවූ, දිරි දුන් මිතුරන් හැමටම තුති බොහෝමත්ම!සිහින උපදින තාක් තවත් කවි පිපෙනු ඇත..

    ReplyDelete
  2. සුබපැතුම් මලිති!
    තවත් බෝ කල් යහපත් සිහින බෙදන්නට.....

    ReplyDelete
  3. සුබපැතුම්.. :) දිගුකලක් ලියන්න ශක්තිය ලැබේවා..

    ReplyDelete
  4. සුභ පැතුම් ... නවත්තන්නෙ නැතුවම ලියන එකයි තියෙන්නෙ... :)

    ReplyDelete
  5. වසරක සැමරුමට අපෙන් සුභ පැතුම්.....

    ReplyDelete