Sunday, May 22, 2011

රුව

ඉඳහිටක ගොඩවෙමි
මතකයේ ගබඩාව වෙත
අගුළු ලූ ද්වාර පසුකර
එළඹෙමි රහස් කුටියට

හිස මඳක් ඇලකර
දෙනෙත පුරවා මඳහස
ඈතක බැල්ම යොමුකළ
නුඹේ රුවක් සඟවා ඇත

මොහොතකට ගෙන දෑතට
යළිත් කටපාඩම් කර
තිබූ තැන්හිම සඟවා
අගුළු ලා නික්මෙමි මම

4 comments:

  1. හි හි.. හොර වැඩක් නේද? :D

    ReplyDelete
  2. ඉතින් ඔහොම කොච්චර කාලයක් කරන්නද ඔයා හිතාගෙන ඉන්නෙ, හැබෑටම?

    ReplyDelete
  3. ඔහොම කිව්වට ඕක හැමතිස්සෙම බලන්න හිතෙනවා ........

    ReplyDelete
  4. මම නිතර කරන දේ ඔබත් කරනවනේ හරි අපුරූවට..ලස්සනයි යාළුවා

    ReplyDelete