Tuesday, May 31, 2011

වැළපෙනා විලෝ තුර




















තණබිමට ඉහිරිලා
දුර ඉඳන් හඳ එළිය
වැළපෙනා විලෝ තුර
පාමුලය තරු කැකුළ...
හිස්ම හිස් හිතක් ගෙන
ඇවිදයමි අඳුර මැද
මුළු ලොවට රහසින්ම
වළලන්න කඳුළු නෙත...
රළු පරළු මුල් අතර
මතක යවුලෙන්ම කැණ
විලෝ තුර පාමුලෙහි
වළලා යමි මගේ දුක..
ඉතින් මේ මොහොත සිට
වැළපෙනා විලෝ තුර
තව තවත් හඬන්නට
නුඹට හේතුවක් ඇත

7 comments:

  1. මම කියවපු අක්කගෙ හොඳම නිර්මාණය... නියමයි...

    ReplyDelete
  2. වෙනදට වඩා වෙනස් කවියක්.
    අපූරුයි.. ඒත් ශෝක රසයමයි.

    ReplyDelete
  3. සාතන්- තුති මලයා!

    outsider- තුති, ඒත් කාලෙකින් දුක කවියක් ලිව්වේ!! :)

    ReplyDelete
  4. හරිම අපූරු කවියක් අක්කේ..

    ReplyDelete
  5. සිහිවුණා මොහොතකට ගුරුගීතයේ
    අයිලයේ තනිවුණු
    පොප්ලර් ගස් දෙක..
    මතකය සදහටම නිදන් කල...
    ලස්සනයි මලිති...

    ReplyDelete
  6. දිනේශ්, ජනරඟ- හැමදාම ඇවිත් යනවාට, දිරි දෙනවාට තුති! :)

    ReplyDelete
  7. මාර වදන් පෙලක් ......
    ලස්සන අරුතක් ........

    ReplyDelete