Thursday, July 21, 2011

උදෑසන

හිනැහෙන විට නුඹ
කැල්මට සසලව
අලුයම අහසේ
තරුකැට මිලිනව

ගනඳුර දුරලන
පළමු අරුණ ඉර
ලෙස විකසිත වෙයි
නුඹ ළඟ මගේ සිත

මල්වල නිදිමත
පිස එන සුළඟක
දඟකම ගෙන එයි
නුඹ ගැන මතකය

1 comment:

  1. harima lassanai.

    ලා හිරු රැස් කුමටද සිත් අහසට
    නුඔ ගන මතකය අති නොවැ මසිතට...

    ReplyDelete