Sunday, July 24, 2011

මිලින


















කහ පැහැති දුම්රිය
විදුලි රැහැනින් දිවි ලද
යකඩ රෝදෙට දැනුනද
පණ නල සිඳෙනු කුසුමක?

එකම හුස්මට දිව යන
නිමාවක් නැති ගමනක
මොහොතක් මැවී පෙනුනද
පැතුම් ගොන්නක් මියැදුන?

ගැහැට පිරි ලොවකට
කඳුළු නොසිඳුනු නෙතකට
කහ පැහැති දුම්රිය
නුඹ විය එකම සැනසුම

හැමදාම යන එන මඟ
සිල්පර කොටං සිඹ සිඹ
රතු මල් පිපෙයි ගොන්නක්
පර නොවී මෙහි කිසිදින

1 comment:

  1. ගීත රචක බණ්ඩාර k විජේතුංග දුම්රියට යටවී මියයනවිට ඔහුගේ කමිස සාක්කුවේ කුඩා කඩදාසි කැබැල්ලක ලියා තිබුනේ දුම්රිය මා වූ විට, ඔබ දුම්රිය පාරේ පිපි මල වුවේ මන්ද යන්නය.ඔබේ කවිපෙළ මට එම සිදුවීම සිහිපත් කලා.

    ReplyDelete