Tuesday, July 26, 2011

හදේ කොණක හිඳිමි

සෙවනැල්ලක
සැඟවී හිඳ
නුඹේ සිත ළඟ නැවතී
හිරු පුපුරණ
මද්දහනක
නුඹේ දාහය නිවමි

නුපුරුදු නෙත්
දහසක් මැද
සැඟව පෙනී නොපෙනී
මතකය දුන්
විදුලි ඉරක්
නෙත රවටා මවමි

සත් සමුදුර
දුර නැති සඳ
සිනහ බිඳක් එවමි
වෙහෙසී සිත
නොසොයන් මා
හදේ කොණක හිඳිමි

1 comment:

  1. ලස්සන නිර්මාණයක්.වික්ටර් රත්නායකයන්ගේ මියුරු කල්පනා ගීතය සිහිවුනා.

    ReplyDelete