Wednesday, August 3, 2011

මෙතැන තවමත් මම














දුර අවරගිර අග
අහස ගුගුරා හැලුනද
කඳුළු උතුරා ගැලුවද
මෙතැන තවමත් මම

අසෙනි මහා වැසි මැද
කඳුරු දිය ගොඩ ගැලුවද
කැකුළු නටුවෙන් මිදුනද
මෙතැන තවමත් මම

අඳුරට එළිය අරගෙන
නුඹ නෑවිත්ම උන්නද
ඇවිත් කඳුලැලි සින්දද
මෙතැන තවමත් මම

3 comments:

  1. ඉතාම ලස්සන නිර්මාණයක්.චායාරුපය සහ කවිපද අතර මනා ගැලපීමක් ඇත.

    ReplyDelete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete