Tuesday, August 2, 2011

තව දුරයි

ලා පැහැති හිරු ඉරි
නිතරම කතා කෙරුවට
තණබිම තවම සීතයි
තුහින බිඳු දුර දිදුලයි

සීතලට බිය නැති
මල් පොඩි සිනා සැලුවට
වසන්තය තව දුරමයි
ඉවසන්න මට පුරුදුයි

4 comments:

  1. ඉවසීමෙන් සැනසීම ලැබෙනවලුනෙ..... සුන්දර මොහොතක් ලබන්න නම් ඉවසන්නම වෙනවා....ලස්සන සරළ පද ටිකක්

    ReplyDelete
  2. me title 1 hodai "not yet" valata vada :)
    amutuven kiyanna deyak na harima lassanai.

    ReplyDelete
  3. තුති දිල් සහ සවී!

    ReplyDelete