Monday, August 22, 2011

ඉඩ

ඉතින් මට කියනවද
මට අයිති හිතේ ඉඩ?
පුංචි මල් ගහක්වත්
හිටවන්න පුළුවන්ද?
මල් පිපෙන්නට නැතත්
මුල් අදින්නට හැකිද?
තද සුළං කෝඩේකට
ඉදිරිලා නොවැටෙයිද?
කඳුළු දිය හිඟ නැහැනේ
ඉක්මනට දළුලයිද?
ලකුණු කර තියනවද
මට අයිති හිතේ ඉඩ?

1 comment:

  1. ඉඩ නම් ඕන තරමට එත් පුංචි පැලයක් වත් නොවැවෙන තරමට හිත් බිම නිසරු වෙලානම්.

    ReplyDelete