මුල් ඇද්ද දා සිට
ආකහෙන් ලද දිය මිස
සෙනෙහසක් නොලැබූ බව
සාක්කිය ඉරිතැලි කඳ
අව් වැසි සුළං හඳුනන
අකුණු සර ළඟ නොසැලෙන
ඍතුවෙන් ඍතුව ගතවෙන
දුර බලා නිති ඉවසන
රළු පරළු අතු අග
කිසිම දා මල් නොපිපුණ
බඹර ගුමුවක් නොඇසුන
තනිකමක් හා තනිවුණ
හිස තියා මුල් රැස මැද
බදා පහුරින් රළු කඳ
ලතාවක මිමිනුම් හඬ
ඇසුණි පැටලී සිහිනෙක
අහම්බෙන් මේ මඟ
ගියොත් නෙත රැවටෙනු ඇත
ලියවැළක සෙනෙහස මැද
මල් රැසක් දිලිසුණා තුරු හිස
tikak venas nirmanayak...:)
ReplyDeleteඉඳලා හිටලා.. වෙනසකට..:)
ReplyDeleteලස්සනයි මලිති...අපූරු අදහසක්..
ReplyDeleteමේකෙනුත් කියවෙන්නෙ ටිකක් ඔය වගේ දෙයක්
http://sithabara.blogspot.com/2011/07/blog-post_06.html
සිතඹර - එකම අදහසමයි නේද? කළින් ඔබේ සටහන කියවා තිබුණත් මතකයේ තිබුණේ නැහැ. මා යනෙන මඟ මල් වැරූ ගසක වැලක් එතී එක වරම මල් පිපී තිබෙනු දැකයි මෙය ලියැවුණේ. සමහර විට ඔබේ කවිය හිත යට තිබුණාද දන්නෙත් නැහැ. :) තුති යොමුවට.
ReplyDeleteමලිති...මම එහෙම හිතල ඒ සටහන දැම්ම නෙමෙයි.ඔයගෙ පද පෙල දැකල මම ලියපු එකත් ටිකක් මේ වගේ කියල හිතුන.එකම දේ උනත් දෙන්න කියල තියෙන්නෙ වෙනස්ම විදියකට නෙ :)
ReplyDelete